ඉදිරි මාසයක කාලය අතිශයින්ම තීරණාත්මක බවත් සෙසු රටවල මෙන් කොවිඩ් තුන්වැනි එන්නත් මාත්‍රාවක් ජනතාවට ලබාදීමට රජය සූදානම් වන බවත් යුද හමුදාපති කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
පවතින තත්ත්වය මත රජය විසින් පනවා ඇති සෞඛ්‍ය නිර්දේශයන් දැඩි දෙන අනුගමනය කරන ලෙසත් කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිශක්තීකරණ එන්නත් කිසිදු මාත්‍රාවක් ලබානොගත් අය සිටීනම් හැකි ඉක්මනින් එන්නත ලබාගන්නා ලෙසත් හෙතෙම අවධාරණය කළේය.
තුන්වෙනි මාත්‍රාවක් ලබාදීම මේවන විට බොහෝ රටවල් ආරම්භ කර ඇති බැවින් ලංකාවේත් තුන්වෙනි මාත්‍රාවක් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ කොවිඩ් මර්ධන ජනාධිපති කාර්යසාධන බලකායේදී සාකච්ඡා කර තිබේ.
එහිදී ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ අවශ්‍යතාවය පරිදි සියලුම ජනතාවට තුන්වෙනි මාත්‍රාව සඳහා එන්නත් ඇනවුම් සූදානම් කරන ලෙස බව යුද හමුදාපතිවරයා කීවේය.
දැනටමත් රටේ ජනතාවගෙන් 93%ක ප්‍රමාණයකට පළමු මාත්‍රාව ලබදී අවසන් අතර 23% ක ප්‍රමාණයකට පළමු සහ දෙවැනි මාත්‍රාවන් ලබා දී අවසන්ව තිබේ.
අද (08) උදෑසන ද සයිනොෆාර්ම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් මෙරටට ගෙනැවිත් තිබේ.