තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ප්‍රදේශ කිහිපයකට අද මහ වැසි

    ප්‍රදේශ කිහිපයකට අද මහ වැසි

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    මෙම ප්‍රදේශවල සමහර ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි බලාපොරොත්තු විය හැක.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම, දකුණ, වයඹ සහ වයඹ සහ වයඹ පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් පැයට කිලෝමීටර් 40-50 දක්වා තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක.

    මුහුදු ප්‍රදේශය, ගාල්ල සිට පොතුවිල් දක්වා සහ හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩි විය හැකිය.

    මේ සම්බන්ධයෙන් නාවික සහ ධීවර ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යාඥයෝ ඉල්ලා සිටිති.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img