සටහන- නුවන් සේනාරත්න
ළමා අපචාර සහ ළමයින්ට සිදුවන ලිංගික අඩත්තේට්ම් සහ ළමුන් සම්බන්ධ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට එක් කිරීම් පිළිබඳ පසුගියදර්ශනය දිනවල වැඩි වශයෙන් කතා බහට ලක්විය.
කෙසේ වෙතත් මෙම තත්ත්වය හුදෙක් ශ්‍රී ලංකාවට පමණක් බලපාන තත්ත්වයක් නොවන අතර ලොව පුරා රටවල් රැසක් ළමුන්ට සිදුවන අඩත්තේට්ම් සහ අපයෝජන මර්දනය කිරීමට විවිධ ක්‍රියාමර්ග යොදා ගනු ලබයි.
ඒ සඳහා මේවන විට බොහොමයක් තාක්ෂණික සමාගම් ද සහය වෙමින් සිටින අතර එහි නවතම පිටුවක් පෙරලිමින් ඇපල් සමාගම ද මෙම මෙහෙයුමට එක්ව තිබේ.
ඒ අනුව ඉදිරියේ දී ඇමරිකාව තුළ ඇපල් ජංගම දුරකථන භාවිතා කරන්නන් සිය ජංගම දුරකථනයෙන් ඡායාරූප සිය අයි ක්ලව්ඩ් ගිණුමට උඩුගත කිරීමේදී නැතිනම් අප්ලෝඩ් කිරීමේ දී එම ඡායාරූප වල ළමා අසභ්‍ය ඡයාරූප දැයි පරීක්ෂා කිරීමකට ලක්වීමට නියමිතය.
ස්ව්‍යංක්‍රීය පද්ධිතයක් මගින් මෙම පරික්ෂා කිරීම සිදුවීමට නියමිත බවත් යම් අයුරිකින් කිසිවෙකු හෝ එවැනි අසභ්‍ය ඡායාරූපයක් උඩුගත කර ඇත්නම් ඒ පිළිබඳ හඳුනා ගැනීමට එමගින් හැකියාව පවතින බවත් ඇපල් සමාගම සඳහන් කරයි.
ඇපල් සමාගම පවසන්නේ එම පද්ධිතය මගින් වරදක් වීමට ඇති සම්භාවතාවය ට්‍රිලියනයකට එකක් වැනි අඩු අගයක් ගන්නා බවයි.
එහෙත් අසභ්‍ය ඡායාරූපයක් බවට තහවුරු කරගැනීමට සෑම අවස්ථාවකදීම සිය සමාගමේ නියෝජිතයෙකු විසින් එම ඡායාරූප පරිකෂා කිරීමකට ලක්කරන බවද ඔවුන් පෙන්වාදෙයි.
ඒ අනුව පරීක්ෂා කිරීම්වලින් අනුතුරුව යම් පුද්ගලයෙකු විසින් අයි ක්ලව්ඩ් වෙත උඩුගත කළ ඡායාරූපයක් හෝ ඡායාරූප කිහිපයක් ළමා ලිංගික අපයෝජන බවට තහවුරු වුවහොත් ඒ පිළිබඳ වහාම ආරක්ෂක අංශ දැණුම්වත් කිරීම සිදුකරන බවද ඇපල් සමාගම ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත් මෙම පද්ධතිය මගින් යම් අයෙකුගේ ජංගම දුරකථනයේ ඇති ඡායාරූප පරීක්ෂා කර බැලීමක් සිදු කිරීමට නොහැකි බවද ඇපල් සමාගම සඳහන් කරයි.
මේ අතර ඇපල් සමාගමේ නව පද්ධතිය මඟින් ලිංගික අපයෝජන වලට ලක්වන දරුවන් විශාල පිරිසක් ආරක්ෂා කර ගැනීමට හැකිවන බව ඇමරිකාවේ අතුරුදන් සහ ළමා අකටයුතුකම් පිළිබඳ ජාතික මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබේ.
ඇපල් සමාගමට අතිරේකව ගූගල්, ෆේස්බුක් සහ මයික්‍රෝසෝෆ්ට් සමාගම්ද තම පද්ධතිවලට උඩුගත කරන ඡායාරූප වල ළමා ලිංගික අපයෝජන වලට සම්බන්ධ දැයි දැනටමත් පරීක්ෂා කිරීමට ලක්කරයි.
කෙසේ වෙතත් පුද්ගලික දත්ත ආරක්ෂාව පිළිබඳ විශේෂඥයින් විසින් මේ සම්බන්ධයෙන් සෘණාත්මක ප්‍රතිචාරයක් දක්වා තිබේ.
පුද්ගලික දත්ත ආරක්ෂා කිරීමේ ප්‍රමුඛත්වය ගත් සමාගමක්වන ඇපල් සමාගමේ ප්‍රතිරූපයට මෙම නව පද්ධතිය අයපත් බලපෑමක් කරනු ඇති බව ද එම විශේෂඥයින් වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ අතර තවත් පාර්ශවයින් විසින් මෙය රජය විසින් සිය දේශපාලනික අරමුණු ඉටු කරගැනීමට යොදා ගැනීමට ඉඩ ඇති බවට චෝදනා එල්ල කර තිබේ.