තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වරාය අධිකාරියේ 600කට කොවිඩ් කතාව බොරු - සැබෑ ගණන 31

    වරාය අධිකාරියේ 600කට කොවිඩ් කතාව බොරු – සැබෑ ගණන 31

    අද (07) දින ජාතික පුවත්පත් හා සමාජ මාධ්‍යන් හී ‘වරාය අධිකාරියේ 600 කට කොරෝනා’ නමැති ශීර්ෂය යටතේ ප්‍රසිද්ධ කොට ඇති ප‍්‍රවෘත්තිය සම්පූර්ණ සාවධ්‍ය කරුණු මත පදනම් ව ප්‍රසිද්ධ ලද අසත්‍යය ප‍්‍රවෘත්තියක් බව ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය අවධාරණය කර තිබේ.

    එම ප‍්‍රවෘත්තිය තරයේ ප්‍රතික්ෂේප වරාය අධිකාරිය පවසන්නේ එම පුවත වගකීමකින් තොරව වාර්තා කරන ලද පුවතක් බවය. ඒ අනුව, එම ප‍්‍රවෘත්තිය ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයන්, වරාය භාවිතා කරන්නන් හා පොදු මහජනතාව නොමග යවන හා බියවද්දන සුළු අසත්‍යය ප‍්‍රකාශයක් ලෙස සමාජගත වන බව ද ඔවුහු අවධාරණය කරති.

    එම පුවතෙහි සඳහන් වන පරිදි මෙම කොවිඞ් ආසාදිතයින් ප‍්‍රමාණය නිල වශයෙන් සෞඛ්‍ය අංශ වාර්තා කරන ලද බව සඳහන් වූවත්, ඒ පිළිබඳ සැබෑ නිල දත්තයන් පවත්වාගෙන යනු ලබන්නේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියත්, වරාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (Port Health Office) කාර්යාලයත් පමණක් බව නිවේදනයක් මගින් වරාය අධිකාරිය පෙන්වා දෙති.

    ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ වර්තමානයේ සේවක සංඛ්‍යාව 9000ක් පමණ වේ. ඒ අනුව, දැනට ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට අදාලව වාර්තාවන කොවිඞ් ආසාදිත මුළු සංඛ්‍යාව 31 දෙනෙකි. ඔවුන් මේ වන විට රෝහල් ඇතුළු ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමු කොට අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව කටයුතු කර ඇති බව වරාය අධිකාරිය පවසයි.

    පුවතෙහි සඳහන් වන පරිදි පසුගිය මැයි මාසයෙන් පසු PCR පරික්ෂණ නවතා දමා ඇති බව සාවද්‍යය. ශ‍්‍රී ලංකාව තුළ කොවිඩ් වසංගතය ආරම්භ වීමත් සමගම කොළඹ වරාය තුළ කොවිඞ් වසංගතය පාලනය කිරීම සඳහා ද වරායේ සියළු අංශ ඒකරාශී කොට ගනිමින්, කොවිඞ් 19 වැලැක්වීමේ ක‍්‍රියාකාරී කමිටුව (CPAC) ස්ථාපිත කරන ලදී. ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ CPAC කමිටුව හා වෛද්‍ය අංශයන් වල උපදෙස් පරිදි අහඹු PCR පරික්ෂණයන් තවදුරටත් සිදු කරනු ලබයි. පසුගියදා සිදු කරන ලද අහඹු PCR පරික්‍ෂණ වලදී රෝගීන් 20 දෙනෙකු පමණ හමු වූ අතර, ඔවුන් 14 දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට ද, 6 දෙනෙකු කොස්ගම දිසා රෝහලට ද ප‍්‍රතිකාර සඳහා යොමු කර තිබේ.

    කොළඹ වරාය තුළ පිහිටි, ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය ද ඇතුළත්, අනෙකුත් සේවා සපයන ආයතන ද, පෞද්ගලික පර්යන්තද මේ වන විට කොවිඞ් පාලන කටයුතු නිසියාකාරව, නිසි ක‍්‍රමවේදයන් යටතේ සිදුකරන අතර වරායේ මෙහෙයුම් කටයුතු කිසිදු බාධායකින් තොරව සිදුවන බවඅවධාරණය කර සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img