තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"රාජපක්ෂ ආණ්ඩුව කඩාවැටෙයි නමුත් අපේ ඔඩොක්කුවට වැටෙන්නේ නෑ"

    “රාජපක්ෂ ආණ්ඩුව කඩාවැටෙයි නමුත් අපේ ඔඩොක්කුවට වැටෙන්නේ නෑ”

    “ආණ්ඩුව කඩා වැටෙයි. නමුත් අපේ ඔඩොක්කුවට වැටෙන්නේ නැහැ. තව රාජපක්ෂලා ඉන්නවනේ. තව රාජපක්ෂලා රවුමක් යයි. ඒ නිසා ප්‍රශ්න විසඳගෙන පොදු සංකල්පයට අපි එන්න ඕනේ. මේක සජිත්, චම්පික, රනිල්, කරු තේරුම් ගත යුතුයි.” යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

    පෞද්ගලික මාධ්‍ය ආයතනයක් සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් ඔහු වත්මන් දේශපාලන, කාලීන ප්‍රවණතාවන් පිළිබද හා මීළඟ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ අදහස් දැක්වීය.

    “ආණ්ඩුවක් ඇවිත් 4 වැනි අවුරුද්දෙදි තමයි සාමාන්‍යයෙන් මිනිස්සු ඊළඟ ආණ්ඩුවක් ගැන කතාකරන්නේ. නමුත් මේ ආණ්ඩුව ඇවිත් අවුරුදු දෙකයි මිනිස්සු ඊළඟ ආණ්ඩුව ඊළග ජනාධිපති කවුද කියලා කතාකරන්න ගත්තා. ඉතින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට කියන්නත් වුණා, පහුගිය දවසක කිව්වනේ මම ජනාධිපතිකමට ඉල්ලනවා කියලා. ඔහුට ඒ ගැන කියන්න වුණේ ඒක තමයි. එහෙම කවුරුත් කියන්නේ නෑනේ. ඒත් කිව්වා. කරු ජයසූරිය මහතා සෝභිත හාමුදුරුවන්ගේ ප්‍රතිපත්තිය ගෙනයනවා. අපි සාකච්ඡා ගොඩක් පවත්වලා තියෙනවා. 2018 ඔහු විශාල කාර්යභාරයක් කළා. ඒක කවුරුත් දන්නවා. ඔහු නායකත්වය ගන්න ඕන. අපි පොදු ප්‍රතිපත්ති මාලාවක් හදන්න ඕන. ඒක අරන් යන්න සන්ධානයක් අවශ්‍යයි.. ඊට පස්සේ තමයි පුද්ගලයෙක් තීරණය කරන්න වෙන්නේ. විපක්ෂයේ ලබන ජනාධිපතිවරණයේදී සජිත් මහතා ඉදිරිපත් වෙන්න ඕනේ කියලා අපි හිතන් ඉන්නේ. ඒත් වෙනස්කම් වෙන්න පුළුවන්නේ.

    සජිත්, රනිල්, කරු, පාඨලී මේ මහත්වරු එකතු වෙන්න ඕනේ. තමුන්ගේ ප්‍රශ්න ටික ඉවර කරගන්න ඕන. එකතු වෙලා පොදු සංකල්පයකට පොදු වැඩපිළිවෙළකට යන්න ඕන. එහෙම නැතුව අපිට ආණ්ඩු බලය ගන්න බෑ. විපක්ෂයේ මහත්වරු එකතුවෙලා පොදු සංකල්පයක් හදානොගත්තොත් ගෙදර යන්න වෙන්නේ. ආණ්ඩුව කඩා වැටෙයි. රාජපක්ෂලගේ මේ ආණ්ඩුව කඩාවැටෙනවා. මම නායකයෝ ඔක්කොටම කියනවා ඒත් අපේ ඔඩොක්කුවට නම් කඩාවැටෙන්නේ නෑ. අපි ඒක හිතන්න ඕන. රාජපක්ෂලගෙන් නැතිවුණත් තව රාජපක්ෂලා ඉන්නවානේ. තව රාජපක්ෂලා රවුමක් යයි. ලක්ෂ ගණන් මේක අහන් ඉන්න ජනතාවත් මං කියනන දේට එකඟවේවි.

    රිෂාද් බදියුදීන් මහතාගේ නිවසේ් ගෘහමූලිකයා ඔහුයි. ඔහු තමා ඒවාට උත්තර දෙන්න ඕනේ. මේක දෙමල සිංහල මුස්ලිම් ප්‍රශ්නයක් නෙවෙයි. මේක නීතිය හා සාධාරණත්වය පිළිබද ප්‍රශ්නයක්. ඔහු රඳවාගෙන ඉන්නේ ඉෂාලිනිගේ දැරියගේ සිද්ධියට නෙවෙයි. දේශපාලන සිරකරුවෙක් විදියට. ඉතින් ඔහු රඳවා සිටීම වෙනුවෙන් අපි ඔහු වෙනුවෙන් ඉන්නවා. පාර්ලිමේන්තුවට ජනතාව මිනිස්සු යවන්නේ පොල්ගාන්න ද බම්බු ගහන්නද නෙවෙයිනේ. අපි දැරියගේ සිද්ධියට නීතියට, පොලීසියට සහය දෙනවා. නමුත් අනිත් දේ වෙනයි.

    වතුකර දෙමළ ජනතාව ඉන්නේ එක්ලක්ෂ පනස්දාහක් වගේ. දෙමළ ජනතාව ඉන්නවා ලක්ෂ 15ක් විතර. උතුරු නැගෙනහිර ඒ වගේ ගානක් ඉන්නවා. වතුකර දෙමළ ජනතාව තමයි දරුවන්ව එහෙමෙහෙ වැඩකාරකම්වලට යවන්නේ. අපි ඒක නවත්තනවා. අපිට වගකීමක් තියෙනවනේ.

    අපි ‍අපේ කාන්තාවන් කොච්චර වැඩ කරන්න පිටරට යවනවාද? ඔවුන් කීදෙනෙක් මැරිලා එනවද? දූෂණය වෙලා එනවද. සිංහල දෙමළ මුස්ලිම් කියලා නෑ.
    ඒකෙන් තමයි වැඩිම විදේශ විනිමය ලැබෙන්නේ. ඒ් විදේශ විනිමයෙන් ජීවත්වන රටක් කියනකොට අපි ලැජ්ජ වෙන්න ඕන. අපි හැමෝම ලැජ්ජ වෙන්න ඕන. අපි මෙහෙම කාන්තාවන් පිටරට යන එක මුලින්ම නවත්තන්න ඕන. ” යැයි ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img