Home දේශීය පුවත් එන්නත් නොගත් පිරිස් සොයා පොලීසිය කොළඹ පීරයි

එන්නත් නොගත් පිරිස් සොයා පොලීසිය කොළඹ පීරයි

0
එන්නත් නොගත් පිරිස් සොයා පොලීසිය කොළඹ පීරයි

කොවිඩ් මර්දන එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබානොගත් කොළඹ නගරය තුළ සිටින පුද්ගලයින් සොයා මේ වන විට පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ප්‍රජා පොලිස් කමිටු සමග එක්ව පොලීසිය මෙම හෙයුම දියත්කර ඇත. අද උදෑසන සිට කළ එම මෙහෙයුමෙන් හදුනාගත් 5000 කට වැඩි පිරිසක් මේ වන විට සුගතදාස ක්‍රීඩාංගනයට රැගෙනවිත් ඇති අතර ඒ අයට එන්නත්කරණය සිදුවෙමින් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

මෙම කටයුත්තට සෞඛ්‍ය බලධාරීන් හා කොළඹ මහනගර සභාවේ නිලධාරීන් ද සහයෝගය දක්වන බව අජිත් රෝහණ මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here