මෙරට තුළ වැඩිහිටි ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන් එන්නත් කරන තුරු විශාල ගෘහස්ථ රැස්වීම්, ගායන හා කතාකිරීමේ රැස්වීම් ආදිය ද මේ මොහොතේ නැවැත්විය යුතු බව ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා හා අණුක විද්‍යා අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය අවධාරණය කරයි.
ඇය පෙන්වා දෙන්නේ අවුරුදු 30ට වැඩි ජනගහනයට 2 වන මාත්‍රාවෙන් සති 2 කට පසු වනතෙක් හෝ මෙම රැස්වීම් නැවැත්විය යුතු බවයි.
නවතම අධ්‍යයනයක ප්‍රතිඵල පෙන්වා දෙමින් ඇය පවසන්නේ කතා කිරීමෙන් හා ගායනයෙන් නිපදවන සියුම් බිඳිතිවල රළු බිඳිතිවලට වඩා SARS-CoV-2 පිටපත් වැඩි ප්‍රමාණයක් අඩංගු බවයි.
එබැවින් SARS-CoV-2 සම්ප්‍රේෂණයේදී සැලකිය යුතු කාර්යභාරයක් මෙම ක්‍රියාවන් දෙකේදී සිදුවන බව හෙළි වී ඇතැයි ඇය කියි සිටී.
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද එම අධ්‍යයනයේ සඳහන් කර ඇත්තේ සියුම් බිඳිතිවලට විශේෂයෙන් ගෘහස්ථව නිරාවරණය වීම අවම කළ යුතු බවයි.
SARS-CoV-2 ශ්වසන බිඳිති සහිත වායු සමීකරණ කළ ඉඩක් තුළ ගත් සාම්පල යොදාගෙන මෙම අධ්‍යයනය කර ඇත.
ගායනයේදී, කතා කිරීමේදී මෛන්ම හුස්ම ගැනීමේදී සිදුවන බිඳිිති විමෝචනය හා ඒ්වා සම්ප්‍රේෂණය වීම සම්බන්ධයෙන් මෙම අධ්‍යයනයේදී වැඩි අවධානයක් යොමුවී තිබේ.
විශේෂඥයින් විසින් වෛරස් සාන්ද්‍රණය, පැතිරීම මැනීම සඳහා COVID-19 රෝගීන් විනාඩි 30 ක් හුස්ම ගැනීමේදී, විනාඩි 15 ක කතා කිරීමේ සහ විනාඩි 15 ක ගායනයේදී විමෝචනය කරන ලද බිඳිති පරීක්ෂා කරමින් මෙම අධ්‍යයනය කර තිබේ.
මෙහිදී හෙළිවූ තවත් කරුණක් වන්නේ ගායනයට වඩා කතා කිරීමේ දී කෙටි කලක් තුළ පතුරන බිඳිති ප්‍රමාණය වැඩි බවයි.
එළිමහන් සංගීත වැඩසටහන්, විශාල රැස්වීම් නවතා තිබුණ ද මේ වනවිට මෙරට තුළ රූපවාහිනී, ගුවන් විදුලි ආදියෙහි තවදුරටත් ගෘහස්ත ගායන වැඩසටහන්, සම්මුඛ සාකච්ඡා ආදිය පැවැත්වෙන අතර ඒවා පටිගත කරන අවස්ථාවේදී තාක්ෂණික හා රූපමය ගැටලු හේතුවෙන් මුඛ ආවරණ නොපළඳි.
ගෘහස්තව රියැලිටි වැඩසටහන් ද තවමත් පැවැත්වෙනු දක්නට හැකි ය.
එමෙන්ම එවැනි වැඩසටහන් පැවැත්වෙන බොහොමයක් ස්ථාන සංවෘත සහ වායුසමනය කරන ලද ස්ථාන ය.
නමුත් මෙම නවතම අධ්‍යයනයට අනුව එම වැඩසටහන් තුළ ද කොවිඩ් පැතිරීම දායක වන ස්ථාන බවට මේ අනුව පෙනී යයි.