Home COVID මාසයකදී උද්ඝෝෂණ 120ක් – වසංගත පාලනයට ජනතා සහය මදි – වෛද්‍යවරු ජනපතිට කියති

මාසයකදී උද්ඝෝෂණ 120ක් – වසංගත පාලනයට ජනතා සහය මදි – වෛද්‍යවරු ජනපතිට කියති

මාසයකදී උද්ඝෝෂණ 120ක් – වසංගත පාලනයට ජනතා සහය මදි – වෛද්‍යවරු ජනපතිට කියති

ගත වූ මාසය තුළ රට පුරා උද්ඝොෂණ 120ක්‌ පවත්වා ඇති බවත් රට පුරා කොවිඩ්‌ පැතිර යාම වේගවත්‌ වීමට මෙම විරෝධතා හේතු වී ඇතැයි ද බුද්ධි අංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පෙන්වා දී තිබේ.

මේ සෑම එකකටම අවම වශයෙන්‌ 1500කට අධික පිරිසක්‌ සහභාගී වී ඇති අතර සෞඛ්‍ය උපදෙස්‌ පිළිනොපැද මෙලෙස වූ ජන ඒකරාශි වීම නිසා වසංගතය පැතිරීම වේගගවත් වී ඇතැයි අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්දන කමිටු රැස්වීමේ දී මේ බව හෙළිවි ඇත.

එහෙත්‌ ජනතාවගෙන්‌ රෝගය පැතිර යාම වැළැක්වීමට ලබාදෙන සභාය අවම වීම කණගාටුදායක බව ද විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා එහිදී පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here