තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විරෝධතා නතර කරන්න - විශේෂඥ වෛද්‍යවරුන් ගුරු-විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලති

    විරෝධතා නතර කරන්න – විශේෂඥ වෛද්‍යවරුන් ගුරු-විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලති

    ගුරු-විදුහල්පති විරෝධතා ව්‍යාපාර තාවකාලිකව අත්හිටුවන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඔවුන්ගෙන් නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීමක් කර තිබේ.

    උත්සන්න වී තිබෙන මාරාන්තික කොවිඩ් වසංගතය මධ්‍යයේ රටේ ආරක්‍ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ සළකා දේශපාලනකයන් ගැන නොව ජනනාව වෙනුවෙන් තාවකාලිකව විරෝධතා නතර කර දමන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

    කපටි දේශපාලනඥයින් විසින් ‘ඩෙල්ටා පොකුරු’ උත්පාදනය කිරීමේ වගකීම ගුරුවරුන්ට පමණක් පැවරිය හැකි අතර ඔවුන් ඒ සඳහා මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇති බව තම සංගමයට හැ‍ඟන්නේ යැයි එම ලිපිය මගින් පවසා ඇත.

    ගුරු විදුහල්පතිවරුන්ගේ දිගුකාලීන නොසලකා හරින ලද ඉල්ලීම්වලට ගෞරව කරන අතර ඔවුන්ගේ ගැටලු විසඳා දෙන ලෙස රජයට බලකරමින් එකමුතුව කටයුතු කරන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කර සිටී.

    එමෙන්ම වෛද්‍ය අධ්‍යාපනය තුළ කටයුතු කරන සාමාජිකයන් ලෙස ද ගුරු-විදුහල්පතිවරුන්ගේ වෘත්තිය අයිතීන් දිනාගැනීම සඳහා අරගල කිරීමේ අයිතිය පිළිගන්නා බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කර ඇත.

    ගුරු-විදුහල්පති අරගලයට හේතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් වත්මන් හා අතීත ආණ්ඩු කරවූ පුද්ගලයන්ට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය චෝදනා කර සිටී.

    වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය පවසන්නේ වත්මන් තත්ත්වයට තුඩු දී ඇති වත්මන් රජයේ දැඩි ප්‍රවේශය ගැන කනගාටු වන බවයි.

    සමාජයේ වගකිව යුතු, උගත් හා දේශපාලනික නොවන බලවේගයක් වශයෙන් ගෞරවයෙන් ආයාචනා කරන්නේ මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදය ප්‍රධානතම ප්‍ර‍භේදය බවට පත්වෙමින් කොවිඩ් -19 ආසාදන ඉහළ යාම කෙරෙහි අවධානය යොමු කරන ලෙස බවට එම සංගමය ගුරු-විදුහල්පති විරෝධතාකරුවන්ට අවධාරණය කර සිටී.

    තවද, සියලුම විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට COVID-19 එන්නත මාත්‍රාවන් දෙකම ලබා දෙන බවටත්, ඔවුන්ගේ පාසල් කටයුතු නැවත ආරම්භ කිරීමට පෙර ඔවුන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමට ප්‍රමාණවත් කාලයක් ලබා දෙන ලෙසත් රජයෙන් ඉල්ලා සිටින බවත් විශේෂඥ වෛද්‍ය සංගමය සදහන් කරයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img