තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්2021 ආසියාවේ හොඳම රැකියා ස්ථාන අතරට ‍'සොෆ්ට්ලොජික් ලයිෆ්'

    2021 ආසියාවේ හොඳම රැකියා ස්ථාන අතරට ‍’සොෆ්ට්ලොජික් ලයිෆ්’

    ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් සේවා යෝජකයෙකු ලෙස එහි නොමැකෙන කීර්ති නාමය තවදුරටත් තහවුරු කරමින් ශී‍්‍ර ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්‍ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්, 2021 වසරේ ආසියාවේ හොඳම දැවැන්ත සේවා ස්ථාන අතරට ගෞරවයට පාත්‍ර වී තිබේ.

    සොෆ්ට්ලොජික් ලයිෆ් ආයතනයේ පස්වන වසරේදී මෙම ජයග්‍රහණය සනිටුහන් කර ඇත්තේ වැඩ කිරීමට විශිෂ්ට ස්ථානයක් ලෙස ජාත්‍යන්තර පිළිගැනීමට ලක්කරමිනි.

    මෙම සුවිශේෂී ජයග්‍රහණය ලබා ගැනීමට හැකිවී ඇත්තේ මෙරට සමාගම් අතලොස්සකට පමණි.

    මෙම ජයග්‍රහණය සුවිශේෂී සේවා යෝජකයෙකු ලෙස සිය සමාගමේ සේවකයන්ගේ වර්‍ධනය, සතුට සහ යහපැවැත්ම කෙරෙහි ඉහළ වටිනාකමක් ලබා දීම සඳහා සමාගමෛ් ඇති දැඩි කැපවීම තහවුරු කරනු ලබන හොඳම සාක්ෂියකි.

    මේ වසරේ ආසියාවේ සහ මැද පෙරදිග රටවල් 16 ක මිලියන 3.3 කට අධික සේවකයින් සංඛ්‍යාවක් මෙම සමීක්‍ෂණයට භාජනය විය.

    “ආසියාවේ හොඳම රැකියා ස්ථාන අතර පිළිගැනීමට ලැබීම අපට ගෞරවයක්. මෙය සම්පුර්ණයෙන්ම ස්වදේශීය සමාගමක්, විශේෂයෙන් COVID-19 වසංගතය හඳුන්වා දුන් අද්විතීය ක්‍රියාකාරී ගතිකතාවයන් තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී. වසර ගණනාවක් තිස්සේ එන අපේ උපායමාර්ගය ඉතා සරල ය. අපි සැමවිටම අපගේ සේවකයින්ගේ පෞද්ගලික හා වෘත්තීය වර්‍ධනයට මුල් තැන දී ඇත්තෙමු. අපි විශ්වාස කරන පරිදි හොඳම දේ කිරීමට ඉඩ සැලසීමේ හොඳම අභිප්‍රේරණය එයයි. මෙම පෙර නොවූ විරූ දුෂ්කර කාලයන් තුළදී පවා අපේ කණ්ඩායම ඇදහිය නොහැකි වර්ධනයක් සහ ප්‍රතිඵල අත්කර ගනිමින් සිටී. එය බලවත් හා ඇතුළත් වැඩ කරන පරිසරයක් තුළ පෝෂණය වූ කාර්ය සාධනය මූලික කරගත් සංස්කෘතියක් ගොඩනැංවීම තුළින් ලැබූ සාර්ථකත්වය ගැන අපගේ කාර්ය මණ්ඩලය දුන් සහතිකයක්. මෙය අපිට ගෞරවයක් වගේම අපි නිහතමානීව විශ්වාස කරන්නේ මෙය විශිෂ්ට ගමනක ආරම්භයක් පමණක් බවයි.” සොෆ්ට්ලොජික් ලයිෆ් කළමනාකාර අධ්‍යක්‍ෂ ඉෆ්තිකාර් අහමඩ් මහතා සඳහන් කළේය.

    කෝවිඩ් -19 වසංගතය නිසා සොෆ්ට්ලොජික් ලයිෆ් ආයතනය තුළ වැඩ කරන ආකෘතිය ද සීඝ්‍රයෙන් විකාශනයට ලක් වී තිබේ. මෙම සියලු අභියෝග මධ්‍යයේ මෙම සමාගම වෘත්තීයමය වර්‍ධනය, අනුප්‍රාප්තික සැලසුම්කරණය, නායකත්වය සහ කුසලතා වර්ධනය කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කර ඇති අතර ආයතනය තුළ ජාත්‍යන්තර මට්ටමේ ඉගෙනුම් මැදිහත්වීම් ද පවත්වා ගෙන යයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img