අංජනා මල්ලවාරච්චි
කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටි පිරිස ඊයේ පස්වරුව වන විට ලක්ෂ 26 ඉක්මවා ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පූර්ණ එන්නත් කරනයට ලක් වූ ඊයේ පස්වරු 8:30 වන විට 2646042ක් වූ බවද වසංගත රෝග විද්‍යා ඒකකය කියයි.
කොවිෂීල්ඩ් එන්නත 807539ක් සයිනෝෆාම් එන්නත 1823822ක් ස්පුට්නික් එන්නත 14503ක් සහ ෆයිසර් එන්නත 198ක් ආදී වශයෙන් ලබාදී තිබු බවද එම තත්ව වාර්තා සඳහන් කරයි.
මේ අතර ඊයේ පස්වරුව වන විට කොරෝනා මර්දන එක ඉන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන සිටි පිරිස ලක්ෂ 106 ඉක්මවා ගොස් තිබිණ.