Home දේශීය පුවත් ඩෙල්ටා වේගය වැඩිකරයි – කොළඹ රෝගීන්ගෙන් 75%ක්

ඩෙල්ටා වේගය වැඩිකරයි – කොළඹ රෝගීන්ගෙන් 75%ක්

ඩෙල්ටා වේගය වැඩිකරයි – කොළඹ රෝගීන්ගෙන් 75%ක්

කොළඹ දිස්ත්‍රික්කය තුළ අතිශය වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් ප්‍රභේදය බවට ඩෙල්ටා ප්‍රභේදයන් පත්ව ඇතැයි පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල විශ්ලේෂණයේදී අනාවරණය වූ බව විශේෂඥයෝ පවසති.

ඒ අනුව ජූලි මාසයේ අවසන් සතියේ කොළඹදී සොයා ගත් කොවිඩ් රෝගීන්ගෙන් සියයට 75 ක් ඩෙල්ටා ප්‍රභේදයෙන් ආසාදිත පුද්ගලයින් බවට රසායනාගාර පරීක්ෂණ මඟින් සොයාගෙන ඇති බවයි.

මෙරටින් ඩෙල්ටා ප්‍රභේදය හමුවී පළමු සතිය 19.3%ක් ලෙස සටහන් වී ඇති නමුත් ගිය සතියේ එය 75%ක් බවට පත්ව තිබේ.

සිය රසායනාගාරයේ පරීක්ෂා කළ PCR ප්‍රතිඵල මත පදනම්ව මේ බව පවසන ලද්දේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා හා අණුක විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here