රාජ්‍ය සේවයේ නියුතු ගැබිනි මව්වරුන් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට කටයුතු නොකරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.
ඒ අනුව රාජ්‍ය සේවයේ නියුතු ගැබිනි මව්වරුන්ට නිවසේ සිට සේවය කිරීමට හැකිවන පරිදි චක්‍රලේඛය ඉදියේදී නිකුත් කරනු ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි සතියකට කොටස් දෙකකට බෙදා රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීමට අදාළ චක්‍රලේඛයක් නිකුත් කරන බව රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේය.