කොවිඩ් 19 වෙරසය ආසාදිත බව තහවුරු කිරීමට සිදුකරන පී.සී.ආර්. සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සදහා පාලන මිලක් නියම කරන බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සදහන් කරයි.
පාරිභෝගික අධිකාරියේ දිස්ත්‍රික්ක 21 ක සිටින නිලධාරීන් විසින් PCR පරීක්ෂණ සිදු කරනු ලබන රෝහල් 45 ක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරනු ලබන රෝහල් 43ක් පරීක්ෂාවට ලක් කිරීමේදී එක් එක් රෝහල් විවිධ ගාස්තු අයකරන බව පෙනී ගිය බැවින් පාලන මිලක් පැනවීමේ අවශ්‍යතාව පෙනී ගිය බව රාජ්‍ය අමාත්‍යාවරයා පවසයි.
පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා රුපියල් 5000 ත් රුපියල් 9550 ත් අතර මුදලක් ද , ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා රුපියල් 2000 ත් රුපියල් 5900 දක්වා අතර මුදලක්ද අයකරන බව රාජ්‍ය ඇමතිවරයා කීය.
ඒ අනුව මෙම පරීක්ෂණ සදහා උපරිම මිලක් ලබන සතිය වන විට තීරණය කර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.