තවත්
    මුල් පිටුවදේශීය පුවත්ගුරුවරු බලන්න වරාය පොලිසියට යෑම අවහිර කළා - විපක්ෂ නායක සජිත්...

    ගුරුවරු බලන්න වරාය පොලිසියට යෑම අවහිර කළා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    විරෝධාවයෙන් පසු අත්අඩංගුවට ගත් ගුරුවරුන් බැලීමට ගිය තමන් හා මන්ත්‍රී නලීන් බණ්ඩාරට වරාය පොලීසයිට යෑම වරාය අධිකාරිය සහ පොලිසිය එක්ව වැළැක්වූ බව සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    එය මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා ඒ සඳහා ප්‍රකාශයක් නිකුත් කරන්නැයි කතානායක මහින්දයාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේය.

    අපේ රටේ තියෙන්නෙ නීතියේ අධිපත්‍යය. අපේ රට තුළ තියෙන්නෙ කැලෑ නීතිය නෙමෙයි නේ. අපි බලන්න ගියේ අත්අඩංගුවට ගත් ගුරු-විදුහල්පතිවරුන්. හැබැයි අපට යන්න දුන්නෙ නැහැ. යැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    ඒ සම්බන්ධයෙන් සොයා බලා අදාළ නිලධාරීන් දැනුවත් කරන්නම් යැයි කතානායකවරයා දැනුම් දුන්නේය.

    ඉන් අනතුරුව අදහස් දැක්වූ වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා වරාය පොලිසියට පිවිසීමේ දී වරාය අධිකාරිය, ශ්‍රී ලංකා නාවික හමුදාව, සහ ශ්‍රී ලංකා රේගුවෙන් අවසර ගැනීම සාමාන්‍ය සම්ප්‍රදාය බව විපක්ෂ නායකතුමා දැනගත යුතු බව පෙන්වා දුන්නේය.

    අඩුම ගණනේ තමන්ට දුරකථන ඇමතුමක් හෝ ලබා දුන්නේ නම් ඊට අවශ්‍ය පහසුවක් සැලසිය හැකිව තිබූ බව රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img