ඇතැම් රෝහල් වන මේ මොහොත වන විට හදිසි තත්ත්වයක් නිර්මාණය වීම, හදිසි තත්ත්වයක් නොව හදිසි සැලැස්මක් ක්‍රියාත්මක කිරීමක් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
කොවිඩ් රෝගීන් රෝහල්ගතවීමේ ක්‍රමානුකූල වර්ධනයක් දක්නට ඇති බැවින් ඔවුන් දින ගණනක් රෝහල්ගතව ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය බැවින් රෝහල් වල පහසුකම් ආදිය ලබාදීමට ක්‍රමානුකූලව සූදානම් කළ බවයි.
රෝගීන් අඩුවෙන් සිටින වාට්ටුවල සිටින රෝගීන් එක වාට්ටුවක රදවමින්, බරපතල නොවන තත්ත්වයේ පසුවන රෝගීන් නිවෙස් වෙත යවමින් දැනට භාවිතා නොවන වාට්ටු සදහා රෝගීන් ඇතුළත් කළ හැකි පරිදි සකසමින් මෙම හදිසි සැලැස්ම සිදුකළ බව හෙතෙම කියාසිටී.
සෞඛ්‍ය කාර්යය මණ්ඩල විසින් ඉදිරියේදී රෝගීන් වැඩි වුවහොත් එයට මුහුණදීම සදහා රෝහල් ආශ්‍රිතව පැය කිහිපයක් තුළ සිදුකළ සූදානම් වීමේ වැඩසටහනක් බව ද ඔහු උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.