ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාගේ අත්සනින් නිකුත් කළ චක්‍රලේඛය සෞඛ්‍ය ක්ෂේත්‍රයට බල නොපාන බවට සෞඛ්‍ය බලධාරීන් විසින් ලිඛිතව කළ දැනුම්දීමකට අනුව අද උදෑසන සිට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කර තිබූ වර්ජනය අවසන් කළ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.
අද උදෑසන 07.00 සිට පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය ඇතුළු වෘත්තිය සමිති මෙම වර්ජනය ආරම්භ කළ අතර එය පැය 4 කට ආසන්න කාලයක් පැවැත්වුණි.