තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සෞඛ්‍ය වෘත්තිය සමිතිත් වර්ජනයේ

    සෞඛ්‍ය වෘත්තිය සමිතිත් වර්ජනයේ

    රට පුරා රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩල 44 ක වෘත්තිය සමිති අද පෙරවරුවේ සිය රාජකාරිවලින් ඉවත් වී උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක නිරත වීමට සැරසෙයි.

    රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ගැබිනි නිලධාරිනියන් සේවයට කැඳවීමට විරෝධය පල කිරීම ඇතුළු ඉල්ලීම් හයක් මුල් කරගෙන මෙම විරෝධතා ක‍්‍රියාත්මක වන බවයි.

    ඔහු පවසන්නේ උදෑසන 07 සිට දහවල් 12 තෙක් සෞඛ්‍ය කාර්ය මණ්ඩල තම සියලු සේවාවලින් ඉවත් වී සිටින අතර අද මධ්‍යහ්න 12 සිට 1 දක්වා කාලයේ උද්ඝෝෂණයක නිරත වන බවය.

    සියළුම රෝහල්‌වල දැරිය හැකි ධාරිතාව ඉක්මවමින් තිඛෙන අතර කොවිඩ් වාට්ටුවල පවතින ඇඳන්‌ සංඛ්‍යාවට වඩා රෝගීන්‌ තබා ගනිමින්‌ කලමනාකරණය කර ගැනීම සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ තනි වගකීමක්‌ වී ඇත.

    පහන ගැටළු විසඳා ගැනීම සඳහා කඩිනම්‌ අවස්ථාවක්‌ ලබා දෙන ලෙස සෞඛ්‍ය වෘත්තිය සමිති ඉල්ලා සිටි.

    සෞඛ්‍ය කාර්ය මණ්ධලයට කොචිඩ්‌ විශේෂ නිවාඩු ක්‍රමය අඛණ්ඩව ක්‍රියාන්මක කිරීම, කොචිඩ්‌ අනතුරු දීමනාව අඛණ්ඩව ලබා දීම්‌, සෞඛ්‍ය සේවාවේ වරින් වර මතු වන දීර්ඝකාලීන ගැටලු සඳහා ස්ථිරසාර චිසඳුමක්‌ ලෙස සෞඛ්‍ය සේචාව සංවෘත සේවාවන්‌ බවට පන්‌ කිරීමේ අමාත්‍ය මණ්ඩල තිරණය ක්‍රියාත්මක කිරීම්‌, බහුකාර්ය සංවර්ධන බලකායේ අයවලුන් සමස්ථ රෝහල්‌ පද්ධතියෙන්‌ ඉවත්‌ කිරීම්‌, අතිකාල සිමාවන්‌ ඉවන්‌ කිරීම්‌, සියළු බඳවා ගැනීම්‌ සිදු කිරීම හා සියළු පුරප්පාඩු පිරවීම ආදී ඉල්ලීම් ඊට මූලික වී තිබේ.

    මේ අතර රෝහල් කණිෂ්ඨ කාර්යමණ්ඩලය ආරම්භ කළ දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අද උදෑසන අවසන් කර ඇති බව වාර්තා වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img