තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොවිඩ් පැතිරීම ඉතා නරක අතට හැරිලා - විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

    කොවිඩ් පැතිරීම ඉතා නරක අතට හැරිලා – විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

    කොවිඩ් පැතිරීම මේ වනවිට ඉතා නරක අතට හැරී ඇති බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා newswave වෙත අදහස් දක්වමින් අද (05) කියා සිටියේය.

    ”අප 3වැනි රැල්ලට වඩා විශාල රැල්ලකට සූදානම් විය යුතුයි.

    නමුත් සංඛ්‍යා සීමා නොකර අපට කොපමණ ප්‍රමාණයක් හැසිරිය හැකි ද යන්න ගැටලුවකි.” යැයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මෙයට සතියකට පෙර ප්‍රකාශ කර තිබිණි.

    මෙම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් කළ විමසීමේ දී හෙතම මෙම නව තත්ත්වය අනාවරණය කළේය.

    “නමුත් එය මම සතියකට පෙර ලියපු දෙයක්. දැන් තත්ත්වය ඉතා නරකයි”හෙතම සිය පිළිතුරෙන් අවධාරණය කළේය.

    “Yes, but this I wrote a week ago. Now the situation is much worse.”

    ඒ අනුව අන් කවරදාටත් වඩා කොවිඩ් වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා ඔබ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම අවශ්‍ය වී තිබේ.

    මීටරයේ පරතරය තබා ගැනීම, මුව ආවරණ පැළදීම, දෑත් පිරිසුදු කිරීම, සමූහ ලෙස එක්වීමෙන් වැළකී සිටීම, අත්‍යවශ්‍ය නොවන කාරණා සඳහා නිවසෙන් පිටව නොයා හැකිතාක් නිවසේ රැඳී සිටීම මගින් මෙම තත්ත්වය පාලනය කිරීමට ඔබටත් සහය දැක්විය හැකිය.

    එන්නත් මාත්‍රා දෙකම ලබා ගත්තද ඔබට කොවිඩ් වැළඳීමට ඇති අවදානම පහව නොයන බව ඔබේ ආදරණීයන්ට කියා දෙන්න.

    ඔබට ඔබ පමණක් නොව ඔබ ඔබගේ ආදරණීයන්ට ද ආදරය කරන්නේ නම් ඔවුන්ටත් ඔබේ ජීවිතය වටිනා බව සිහියේ තබා ගන්නැයි newswave මහජනතාවගෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටින්නෙමු.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img