බ්‍රිතාන්‍ය බොක්සිං ක්‍රීඩකයෙක් ඊයේ රාත්‍රි පැවති ඔලිම්පික් උළෙලෙහි සිටි සියල්ලෝ මවිතයට පත් කරමින් වේදිකාව මත සිය පදක්කම පැළඳීම ප්‍රතික්ෂේප කළේය.
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පිරිමි සැහැල්ලු බර පන්තිය (කිලෝග්‍රෑම් 75-81+ ) තරගයෙන් කියුබාවේ කියුබානු බොක්සිං ක්‍රීඩක ලෝපෙස් රන් පදක්කම දිනා ගත් අතර එහි රිිදී පදක්කම දිනාගත් විටේකර් මෙලෙස පදක්කම සාක්කුවේ දමාගත් ක්‍රීඩකයා විය.
උත්සවය පුරාවටම බෙන් විටේකර් හිස බිමට හරවාගෙන සිටි අතර ඔහුගේ නම ප්‍රකාශයට පත් වූ විට ඔහු රිදී පදක්කම අතට ගෙන සාක්කුවේ දමා ගත්තේය.
කියුබාව, අසර්බයිජානය සහ රුසියානු ඔලිම්පික් කමිටුවේ අනෙකුත් පදක්කම් ලාභීන් ධජ අසල සමරු කොඩිය ලෙළදෙන වි ඒ දෙස හිස ඔසවා බලා හිඳිද්දී බටහිර බ්රොම්විච් හි 24 හැවිරිදි විටේකර් ලාංඡනය දෙස බැලුවේ යන්තම් හිස ඔසවා ය.
ලෝකඩ පදක්කම රුසියානු ඔලිම්පික් කමිටුවේ ඉමාම් ඛාටෙව් සහ අසර්බයිජානයේ ලොරන් බර්ටෝ අල්ෆොන්සෝ ඩොමින්ගුස් සමඟ බෙදාගත් හෙයින් පදක්කම් ලාභීන් සිව් දෙනෙකු වේදිකාවේ සිටියහ.
“මට රන් පදක්කම නැති වුණා. ඒ නිසා මට රිදී පදක්කම සමරන්න මේ මොහොතෙදි පුළුවන්කමක් නෑ. ඔබ රිදී පදක්කමක් දිනාගන්නේ නෑ. ඔබට රිදී පදක්කමක් ලැබෙන්නේ රන් පදක්කම අහිමි වීම නිසයි. ඉතිං ඒ නිසයි මම මෙතරම් හැඟීම්බර වුනේ. රිදී හෝ ලෝකඩ පදක්කමක් ගන්න කිසිවෙකු පුහුණු වෙන්නේ නෑ.” යැයි විටේකර් පැවැසීය.
ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක වන නෙල්කා ශිරෝමාලා මෙම තරගාවලියේදී බොක්සිං පළමු තරගයේ සහ අවසන් මහා තරගයේදී විනිසුරුවරිය ලෙස කටයුතු කරන ලද්දේ ඔලිම්පික් විනිශ්චයට සහභාගි වූ පළමු ශ්‍රී ලාංකික බොක්සිං විනිසුරුවරිය ලෙස ඉතිහාසගත වීමට ද අවස්ථාව ලබාගනිමිනි.