තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොවිඩ් පාලනයට කැපවන බාබි බෝනික්කියන් හයදෙනා

    කොවිඩ් පාලනයට කැපවන බාබි බෝනික්කියන් හයදෙනා

    සටහන නුවන් සේනාරත්න

    ලොකු කුඩා සියලු දෙනා බෝනික්කන්ට කැමතිය. ඒ අතරිනුත් කුඩා කල බෝනික්කෙකු අත නොදරන ගැහැණු ළමයකු නොමැති තරම්ය.

    කුඩා කල ගැහුණු ළමයින්ගේ කෙළි සෙල්ලම් බොහොමයක වීරත්වය ඇත්තේද බෝනික්කන්ටය.

    ඒ අතරිනුත් බාබි බෝනික්කන්ට ගැහැණු ළමයි දක්වන්නේ විශාල කැමත්තකි. ඒ එම බොනික්කන්ගේ ඇති වඩා ආරක්ෂණීය බව නිසාවෙනි.

    මේ නිසාම ලොව පුරා බාබි බෝනික්කන්ට ඇත්තේ විශාල ඉල්ලුමකි.

    එහෙත් තමන් කුඩා කාලයේ ඉතා අසාවෙන් සෙල්ලම් කළ බාබි බෝනික්කන් නිපදවන සමාගම තමන්ගේම බෝනික්කෙකු නිර්මාණය කළොත් ඔබට කුමන ආකාරයේ හැඟීමක් ඇතිවේවි ද ?

    ඒ සඳහා වාසනාවක් තිබිය යුතුය. එහෙත් ඒ වාසනාව හිමි කරගැනීමට හැකිව තිබෙන්නේ ඉතාම ස්වල්ප දෙනෙකුටය. සුපිරි ගායිකා බියොන්සේ, මැරලින් මොන්රෝ සහ එලිනොර් රූස්වෙලට්ට මෙම වාසනාව හිමි වූහ.

    එහෙත් මේ පිරිසට අමතරව තවත් සුවිශේෂි කාන්තාවන් හයදෙනෙකුට පසුගියදා එම වාසනාව උදාවූහ. ඒ ඔවුන් කොරෝනා වසංගතය හමුවේ කළ කැපීපෙනන සේවයට උපහාර පිණිසය.

    මෙම වාසනාව හිමිව ඇත්තේ බ්‍රිතාන්‍යයේ කොරෝනා මර්දන එන්නත නිෂ්පදනයට දායක වූ මහාචාර්ය සාරා ගිල්බර්ට් ප්‍රමුඛ පිරිසකි.

    පනස් නව හැවරිදි වියේ පසුවන ගිල්බර් බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක ලෙස කටයුතු කරයි.

    තමන් වෙනුවෙන් බෝනික්කෙකු නිර්මාණය කිරීම සම්බන්ධයෙන් මහාචාර්ය ගිල්බර්ට් පවසා ඇත්තේ “මම හිතනවා මේ බෝනික්කා නිසා ගැහුණු ළමයි විද්‍යාවට සම්බන්ධ රැකියාවන්ට යොමු වෙන්න වැඩි කැමැත්තක් දක්වයි කියලා.” යනුවෙනි.

    ඇයට අමතරව ඇමරිකාවේ හෙදියක් වන ඒමි ඕ සුලිවියන් හටද ඇමරිකාවේ වෛද්‍යවරියක් වන ආඩ්‍රේ සූ කෲස්, කැනඩාවේ වෛද්‍යවරියක් වන චිකා ස්ටේසි ඔරිවුවා, බ්‍රසීල විද්‍යාඥවරියක් වන ජැකියුලින් ගෝස් ඩේ ජේසුස් සහ ඕස්ටේලියානු වෛද්‍ය කර්බි වයිට් හට මෙම සුවිශේෂි වාසනාව හිමිව ඇත.

    හෙද නිලධාරිනී ඒමි ඇමරිකාවේ ප්‍රථම කොරෝනා අසාදිත රෝගියාට ප්‍රතිකාර කළ හෙදියයි. මේ අතර වෛද්‍ය ආඩ්‍රේ ඇමරිකාවේ ලස් වෙගාස් හී වෛරසය ආසාදනය වූ රෝගීන්ට කඩිනමින් ප්‍රතිකාර සැපයූ වෛද්‍යවරියකි.

    බාබි බෝනික්කන් නිපදවන සමාගම පවසන්නේ ඇයට වාර්ගික අඩත්තෙට්ටම් වලට මුහුණ දෙමින් කටයුතු කිරීමට සිදුවීම හේතුවෙන් මෙම සුවිශේෂි බෝනික්කා නිර්මාණය කළ බවයි.

    එමෙන්ම කැඩනඩාවේ මනෝ වෛද්‍යවරියක් වූ චිකා හටද ඇගේ වර්ගික බව නිසා විවිධ අඩත්තෙට්ටම් වලට මුහුණ දීමට සිදුවූ බැවින් අදාල බෝනික්කා නිර්මාණය කර ඇත.

    බ්‍රසීල විද්‍යාඥවරියක් වන ජැකියුලින් බ්‍රසිල් කොරෝනා ප්‍රභේදය හදුනා ගැනීමට සමත්වූ අතර ඊට අගය කිරීම් වශයෙන් ඇය වෙනුවෙන්ද බෝණික්කෙකු නිමාර්ණය කර තිබේ.

    මීට අමතරව ඕස්ට්‍රේලියානු වෛද්‍යවරියක වන කර්බි විසින් නැවත භාවිතයට ගත හැකි කොරෝනා වෛසරයෙන් ආරක්ෂා විය හැකි ඇඳුමක් නිර්මාණය කිරීමට සමත්වීම අගයකිරිමින් ඇය වෙනුවෙන් ද බෝනික්කා නිර්මාණය කර ඇත.

    මෙම සෑම බොනික්කෙු අලෙවියෙන් ලැබෙන ආදායමෙන් ඇමරිකානු ඩොලර් 5ක් විශේෂ අරමුදලකට ලබාදීමටද නිෂ්පාදන සමාගම තීරණ කර තිබේ.

    කෙසේ වෙතත් මම නව බෝනික්කන් මෙතෙක් විද්‍යාඥයින් සහ සෞඛ්‍ය වෘත්තිකයින් පිළිබඳ ළමුන් තුළ තිබුණ ආකල්ප වෙනස් කිරීමට හැකිවෙනු ඇති බවට බොහෝ දෙනෙක් විශ්වාස කරති.

    සාරා ගිල්බර්ට් සහ ඇය ලෙසින්ම නිර්මාණය කළ බාබි බෝනික්කා

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img