තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොවිඩ් ආසාදිතයන් වෙනුවෙන් සැකසූ විශේෂ ඒකක 2ක් ගුවන් හමුදාවෙන්

    කොවිඩ් ආසාදිතයන් වෙනුවෙන් සැකසූ විශේෂ ඒකක 2ක් ගුවන් හමුදාවෙන්

    කොවිඩි-19 ආසාදිතයින්‌ හට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන්‌ හමුදාව විසින්‌ නිෂ්පාදනය කරන ලද තාප හියුමිකරණ ඔක්සිජන්‌ චිකිත්සා ඒකක දෙකක්‌ (02) ගුවන්‌ හමුදාධිපති එයාර් මාර්ෂල්‌ සුදර්ශන පතිරණ මහතා විසින්‌ මධ්‍යම පළාත්‌ සෞඛ්‍ය ස්වා අධ්‍යක්ෂක වෛද්‍ය නිහාල්‌ වීරසූරිය මහතා වෙත නිළ වශයෙන්‌ භාරදිම ගුවන්‌ හමුදා මුලස්ථානයේදි අද (04) සිදු විය.

    මෙය ශ්‍රී ලංකා ගුවන්‌ හමුදා කටුනායක මුලික කඳවුරු සාමාන්‍ය ඉංජිනේරු පක්‍ෂාංගය හා ගුවන්‌ හමුදා රත්මලාන මුලික කදවුරු විද්‍යුත්‌ හා විදුලි සංදේශ ඉංජිනේරු පක්ෂාංගය එක්ව නිෂ්පාදනය කරන ලද්දකි.

    මෙම තාප හියුමිකරණ ඔක්සිජන්‌ චිකිත්සා ඒකකයන්‌ මධ්‍යම පළාතේ කොවිඩි රෝගීන්‌ සඳහාම වෙන්‌ කර ඇති තෙල්දෙණිය මුලික රෝහල හා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත ලබා දීමට නියමිතව ඇත.

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img