තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රසායනික පොහොරවලට අවසර දී නෑ - ගැසට් පටලැවිල්ල ගැනත් රජය පහදයි

    රසායනික පොහොරවලට අවසර දී නෑ – ගැසට් පටලැවිල්ල ගැනත් රජය පහදයි

    දේශීය කෘෂිකර්මය සඳහා රසායනික පොහොර ආනයනය කිරීම සඳහා කිසිඳු අවසරයක් ලබාදී නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

    ඒ අනුව දේශීය කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර පමණක් භාවිත කළ යුතු බවට ජනාධිපතිවරයා ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයේ ඉදිරියේදී ද කිසිඳු වෙනසක් සිදු නොකරන බව රජය අවධාරණය කර තිබේ.

    කෘෂිකර්ම අමානාවරයා විසින්‌ 2021 මැයි මස 31 දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්‌ කරන ලද ස්වභාවික ඛනිජ හා කිලේටඩ්‌ අංශු මාත්‍ර ශාක පෝෂක යොදා ගනිමින්‌ සැකසූ ශාඛ පෝෂක ආනයනය කිරීමට වූ යොජනාවට අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුමැතිය ලබා දී තිබුණි.

    ඉහත කී ස්වාභාවික ඛනිජ හා කිලේටඩ්‌ අංශු මාත්‍ර ශාක පෝෂක අංක 2226/48 දරන ගැසට්‌ පත්‍රය මගින්‌ ආනයනය කිරීම තහනම්‌ කර තිබූ සංකේතාංක (HS Code) යටතේ ආනයනය වන බැවින්‌, ඉහත දක්වන ලද කෘෂිකර්ම අමාත්‍යවරයා විසින්‌ ඉදිරිපත්‌ කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට ලබා දී තිබු අමාත්‍ය මණ්ඩල අනුමැතිය ක්‍රියාත්මක කිරීම සඳහා අංක 2226/48 ගැසට්‌ පත්‍රය සංශෝධනය කරන ලදී.

    ඒ අනුව මුදල්‌ අමාත්‍යවරයා විසින්‌ (30) වන දින නිකුත්‌ කර ඇති 2021 අංක 11 දරන ආනයන හා අපනයන (පාලන) නියමයන්‌ (regulation) අනුව පහත සඳහන්‌ වර්ගවල විශේෂිත වූ පොහොර ආනයනය සඳහා පමණක්‌ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා අදාළ අනෙකුත්‌ ආයතන හරහා විශේෂ වූ බලපත්‍ර ක්‍රමවේදයක්‌ යටතේ අවසර ලබා දී ඇත.

    කෘෂිකර්මාන්තය සඳහා භාවිතා කළ හැකි පොහොර වන්නේ අන්තර්‌ ජාතික කාබනික පොහොර ප්‍රමිතීන්වලට අනුකූල අනුමැතිය ලබා දී ඇති කාබනික
    පොහොර පමණක්ම වනු ඇත.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව සහ අදාළ අනෙකුත්‌ රාජ්‍ය ආයතන විසින්‌ සිදුකරන ලද සංගණනයන්ට අනුව එම ආයතනවල සෘජු අධික්ෂණය යටතේ මාස 6ක කාලයක්‌ සඳහා නිකුත්‌ කරන බලපත්‍ර මගින්‌ හරිතාගාර (green house) තූළ සංරක්ෂිත කෘෂිකාර්මික කටයුතු සඳහා ලියාපදිංචි ආයතන වෙත සහ ජල පොෂක වගා (hidroponics) හා වායු පෝෂක වගා (earoponics) සහ විසිතුරු මල්‌ වගා (floriculture) කටයුතු සඳහා පමණක්‌ නයිට්‍රජනීය ඛනිජ හො රසායනික පොහොර සහ කිලේටකරණය (chelated) කරන ලද ඛනිජ සහ ශුද්‍ර පෝෂක ආනයනය සඳහා අවසර ලබා දී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img