ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.
කොචිඩ් රෝගීන් සඳහා වෙන්කර ඇති ඒකකවල ධාරිතාවය ඉක්මවා යාමට පටන් ගෙන ඇති බැවින් රෝහල තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන බව දන්වා රෝහල් අධ්‍යක්ෂවරයා විසින් ලිපියක් නිකුත් කර තිබේ.
කොචිඩ් රෝගීන්ගේ ක්ෂණික වර්ධනයක් පෙන්නුම් කිරීම සහ රෝහලේ විවිධ ඒකක තුළින් රෝගින් වාර්තා වීම සහ රෝහල් කාර්ය මණ්ඩලය ආසාධනය වීමේ වර්ධනයක් ඇති වී තිබීම ද මීට හේතුවී ඇත.
කොචිඩි රෝගයට ගොදුරු වීමෙන් සංකූලතාවයන්ට ලක්වන රෝගින් වෙත වැඩි ප්‍රමුඛතාවයක් ලබා දීම සඳහා කොචිඩ් ආසාධිත ශ්වසනාබාධ හෝ වෙනත් සංකූලතාවයන් නොමෑති රෝගීන් අදාල ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත සහ ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෙත දන්චා අතරමැදී ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ඉඩපහසුකම් ලැබෙන තුරු නිවසේ සිට සම්මත ආරක්ෂක විධිවිධාන අනුව රැදී සිටීම සඳහා යොමුකරන ලෙසත් ලිපිය මගින් ඉල්ලා ඇත.
සංකූලනා සහිත රෝගීන් සඳහා අවශ්‍ය ඉඩපහසුකම් කොච්චි රෝගීන් වෙත වෙන්කර ඇති ඒකකවලින් ලැබෙන තෙක් තම තමන්ගේ ඒකකවල වෙන් කර තබා ගැනීමට අවශ්‍ය කටයුතු සුදානම් කර නබා ගන්නා ලෙස එමගින් රෝහල් කාර්ය මණ්ඩලයට දන්වා ඇත.
එසේම බාගිර රෝගි අංශයෙන් සහ හදිසි ප්‍රතිකාර ඒකකයෙන් ඇතුළත් වීම සඳහා පෑමීණෙන රෝගින් කොවිඩි ආසාධිත සංකූලතා රහිත රෝගීන් නම් රෝගියා අයත් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත සහ ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ මත දන්වා රෝගියා වාට්ටු වෙත යොමුකිරීමකින් තොරව අතරමැදි ස්ථානයක පුරප්පාඩුවක් ඇතිවන තුරු නේචාසික ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙසත් වැඩිදුරටත් දන්වා ඇත.