තවත්
    මුල් පිටුවදේශීය පුවත්පාසල් ආරම්භ කිරීම සැප්තැම්බර් මුලට - ආතතිය මටත් තියෙනවා - මහාචාර්ය ජී....

    පාසල් ආරම්භ කිරීම සැප්තැම්බර් මුලට – ආතතිය මටත් තියෙනවා – මහාචාර්ය ජී. එල් පීරිස්

    ගුරුවරුන්ට දෙවැනි මාත්‍රාව ලබා දීමෙන් පසු අගෝස්තු මස අවසානයේ හෝ සැප්තැම්බර් මුල අනිවාර්යයෙන් පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    දරුවන්ගේ මානසික ආතතිය වැළැක්වීම වෙනුවෙන් රජය ලබා දෙන විසඳුම පාසල් අරම්භ කිරීම බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අවධාරණය කළේය.

    විරුද්ධ පක්ෂ නායකතුමාට ( ඔබතුමාට) විතරක් නෙමෙයි මටත් ආතතියක් තියෙනවා යැයි කී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා, දරුවන්ටත් ආතතියක් තිබෙන බව පිළිගන්නා බව පැවසීය.

    ඒ නිසා තමයි අගෝස්තු මාසයේ ගුරුවරුන්ට සයිනොෆාම් දෙවැනි මාත්‍රාව ලබාදීමෙන් පසු මම පාසල් විවෘත කරනවා. අගෝස්තු අවසානයේ හෝ සැප්තැම්බර් මුල පාසල් ආරම්භ කිරීම තමයි දරුවන්ගේ මානසිකත්වය ආතතිය වෙනුවෙන් කරන රජය ගෙන එන විසඳුම යැයි මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සඳහන් කළේය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img