සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් ආසන ප්‍රමාණයට වඩා මගීන් රැගෙන ධාවනය වෙමින් තිබූ බස් රථ 11 ක රියදුරන් පොලීසිය විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ නාගරික රථවාහන පොලීසිය යොදා එම මෙහෙයුම ක්‍රියාත්මක කල බවත් ඉදිරියටත් වැඩිපුර මගීන් රැගෙන ධාවනය වන මගී බස් රථ සම්බන්ධයෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.
ආසන ප්‍රමාණයට වඩා මගීන් රැගෙන යන බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට එරෙහිව නිරෝධායන නීතිය යටතේ ක්‍රියාත්මක වන්නැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ලිඛිතව පොලිස්පතිවරයාට කළ දැනුම්දීමකින් අනතරුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක වී තිබේ.