Home COVID ‘මේ වෙන්නේ ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්’ – විශේෂඥ වෛද්‍ය සංගමය

‘මේ වෙන්නේ ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්’ – විශේෂඥ වෛද්‍ය සංගමය

‘මේ වෙන්නේ ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්’ – විශේෂඥ වෛද්‍ය සංගමය

අංජනා මල්ලවාරච්චි

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ඉතා තදින් පැතිර යමින් තිබෙන කාලයක සංචරණ සීමා ලිහිල් කිරීමට රජය ගත් තීරණය ‘ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්’ බවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

බස්නාහිර පළාතේ සහ රටේ අනිත් පළාත්වල කොවිඩ් රෝගීන් බහුතරයක් හමුවන අතර රෝහල් පද්ධතියට දරාගත නොහැකි මට්ටමින් රෝගීන් පිරී ඇති බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

එම නිසා සීමා ලිහිල් කිරීම රජය ගත් තීරණය මේ අවස්ථාවේදී සිදු නොවිය යුත්තක් බව ද එය සිදුකළ යුතුව තිබුණේ සෑහෙන පිරිසකට එන්නත් ලබාදීමෙන් පසුව බවද ලක්කුමාර් ප්‍රනාන්දු මහතා කීය.

රටේ බොහෝ පිරිසක් සංචරණ සෞඛ්‍ය නීති පිළිපදිමින් නිදහසේ හැසිරෙන අවස්ථාවක ආණ්ඩුව මැදිහත් වී තවදුරටත් සංචරණ සීමා ලිහිල් කිරීම මගින් සිදුකර ඇත්තේ ඔවුන්ට උඩගෙඩිදීමක් යැයි ද ලක්කුමාර් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here