Home අධ්‍යාපනය කොතලාවල පනත පිළිබඳ ශ්‍රීලනිප කමිටු වාර්තාව ජනාධිපතිට

කොතලාවල පනත පිළිබඳ ශ්‍රීලනිප කමිටු වාර්තාව ජනාධිපතිට

කොතලාවල පනත පිළිබඳ ශ්‍රීලනිප කමිටු වාර්තාව ජනාධිපතිට

මතභේදයකට තුඩු දී ඇති ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කොටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත්කළ කමිටුවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යොමු කර තිබේ.

අදාල කමිටුව විසින් එම පනත් කොටුම් පත සම්බන්ධනේ 2021/08/02 ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී එකඟ වූ පරිදි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් නිශ්චිත කෙටි කාලයක් තුල පුළුල් සාමාජ කතිකාවක් ඇති කොට ඒ සම්බන්ධයෙන් ස්ථිර තීරණයකට එළිඹීම වඩාත් යහපත් බව සඳහන් කර ඇත.

එසේ නොමැතිව දැනට ඉදිරිපත්ව ඇති පනත් කෙටුම්පත කඩිනමින් ගෙන එන්නේ නම් ඊට ප්‍රධාන සංශෝධන හතරක් ගෙන ඒමට කටයුතු කළයුතු බවද අදාල කමිටු වාර්තාව මගින් යෝජනා කර තිබේ.

ඒ අනුව ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නියාමනය හා පාලනයෙන් බැහැර නොකිරීම කළයුතු ලෙසටද යෝජනා කර ඇත.

එසේම ආරක්ෂක අංශවල නිලධාරීන් නොවන උපාධි අපේක්ෂකයින් ඉසෙඩ් ලකුණ පදනම් කරගෙන සාධාරණ ක්‍රමයක් ඔස්සේ ඇතුලත් කරගන්නා ආකාරය පිළිබඳ පැහැදිලිව පනතේ සඳහන් කිරීමක් කළයුතු බටද අදාල වර්තාවෙන් යෝජනා කර තිබේ.

මීට අමතරව අඩු ආදායම් ලැබීමේ දරුවන්ට සාධාරන ක්‍රමයෙක් ලෙස පෙර පැවති පරිදි රැකියාවක් කරමින් උපයන ආදායමකින් ගෙවීමේ පදනම මත ණය මුදලක් ලබාදීමද පාලක සභාවල සිවිල් සමාජික සංඛ්‍යාව බහුතරයක් බවට පත් කිරීම යන සංශෝධනද එක් කළයුතු බවට එමගන් වැඩිදුරත් යෝජනා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here