
ලංකා බැංකුවේ 82 වැනි සංවත්සරයට සමඟාමීව පිහිටවූ විශේෂ අපනයන ඒකකය ( Export Circle ) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ඊයේ (02) දින අරලියගහ මන්දිරයේ දී විවෘත විය.
අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ අග්‍රාමාත්‍යවරයා මෙම විශේෂ ඒකකය විවෘත කළ අතර ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ වෙළඳ සේවා ඒකකය තුළ මෙම විශේෂ අපනයන ඒකකය ස්ථාපිත කර තිබේ.
ලංකා බැංකුවේ මහා කළමනාකරු ලෙස කටයුතු කරන ඩී.පී.කේ ගුණසේකර මහතා ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨතම බැංකු සේවකයාට හිමි තිලිණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් මෙහි දී හිමිකර ගත්තේය.
ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ මහතා එහිදී මෙලෙස අදහස් දැක්වීය.
“සැමවිටම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හා අනුගත වෙමින් ඒ ඒ රජයන්හි ආර්ථික සංවර්ධන කාර්යයට යුගයෙන් යුගය උරදුන් ලංකා බැංකුව වත්මන් රජයේ සෞභාග්‍යයේ දැක්ම හා එක්වෙමින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නගා සිටුවීම උදෙසා දිවි උදාන ණය යෝජනා ක්‍රමයත් කාබනික පොහොර නිෂ්පාදනය ප්‍රචලිත කිරීම සහ ඒ සඳහා දිරි ගැන්වීමට සශ්‍රීක ණය යෝජනා ක්‍රමයත් ක්‍රියාත්මක කර තිබෙනවා.
ලංකා බැංකුවේ පළමු සභාපති සර් අර්නස්ට් ද සිල්වා මැතිතුමාගේ බංගලාවෙ තමයි මෙම අරලියගහ මන්දිරය පිහිටලා තියෙන්නෙ. ඒ නිසා ලංකා බැංකුවේ 82වැනි සංවත්සරය සැමරීමට අරලියගහ මන්දිර පරිශ්‍රය ලබාදීම පිළිබඳව අග්‍රාමාත්‍යතුමාට මාගේ ප්‍රණාමය පුදකරනවා.
2014 වනවිට සියයට 6ක ආර්ථික වර්ධන වේගයක් ලංකාවේ තිබුණා. රජයේ බැංකු පොලී අනුපාතය සියයට 8-9 වගේ තනි ඉලක්කමකයි පැවතුණේ.ඉතා හොඳ ආර්ථික වර්ධනයක් තිබුණ රටක් තමයි පසුගිය රජය භාරගත්තෙ. එහෙත් 2019වනවිට බැංකු පොලී අනුපාතය සියයට 15ත් 16ත් දක්වා වර්ධනය වෙලා 2014 තනි ඉලක්කමේ තිබුණු බදු අනුපාතයත් සියයට 15 දක්වා වැඩිවුණා.
අද ආරම්භ කළ අපනයන විශේෂ ඒකකයෙන් රටේ සුළු පරිමාණ, සුළු හා මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ අපනයනකරුවන්ට එකසේ මූල්‍ය සහ මූල්‍ය නොවන සියලු පහසුකම් සපයමින් රජයේ දේශීය අපනයනකරුවන් නගා සිටුවීමේ කාර්යයට ලංකා බැංකුව උර දී කටයුතු කරනවා” යැයි කාංචන රත්වත්තේ මහතා පැවසීය.
ලංකා බැංකුවේ මහා කළමනාකරු ඩී.පී.කේ ගුණසේකර මහතා මෙලෙස අදහස් දැක්වීය.
“අපේ අගමැතිතුමා නියෝජනය කළ සමගි පෙරමුණු රජය තමයි ලංකා බැංකුව ගමට ගෙනිච්චෙ. ජනතාවට ලංකා බැංකුව සමඟ කටයුතු කරන්න අවස්ථාව එදා හදලා දුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙස ගම්වල ඉන්න අයටත් ලංකා බැංකුවට සම්බන්ධ වෙන්න අවස්ථාව හිමිවුණා. අදවනවිට දක්ෂ උගත් සේවකයින් 9000ක් ලංකා බැංකුවේ ඉන්නවා. පසුගිය කොවිඩි වසංගත තත්ත්වය තුළත් ලංකා බැංකුව විශේෂ සේවාවන් රැසක් ඉටුකළා.
දිවයිනපුරා යමින් ධීවර, තේ වතු, ගොවීන් ඇතුළු ව්‍යාපාරිකයන් හමුවෙලා ලංකා බැංකුව තුළ පුළුල් අවස්ථාවන් නිර්මාණය කළා. මේ නිසා ලංකාවේ වැඩිම ආදායමක් ලබපු බැංකුව බවට ලංකා බැංකුව පත්කරන්න අපට හැකිවුණා. පසුගිය වසරවලට සාපේක්ෂව ආදායම් වර්ධනය සියයට 116කින් වර්ධනය කරගන්න හැකියාව ලැබුණේ ඒ නිසයි. සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය යටතේ වැඩිම පිරිසකට ණය ලබා දුන් බැංකුව වුණේ ලංකා බැංකුව බවත් සිහිපත් කළ යුතු” යැයි ගුණසේකර මහතා කියා සිටියේය.
අතීතය ආවර්ජනය කෙරෙන වාර්තාමය වැඩසටහනක් සහ 82 වැනි සංවත්සර ලාංඡනය එළිදැක්වීම මෙම උත්සවයට සමඟාමීව පැවැත්විණි.