අංජනා මල්ලවාරච්චි
වයස අවුරුදු 60ට වැඩි ජේෂ්ඨ පුරවැසියන් සහ නිදන්ගත හෝ බෝ නොවන රෝගවලට ගොදුරුව සිටින පුද්ගලයින් අනිවාර්යෙන්ම කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා ගත යුතු යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.
බෝ නොවන රෝගවලින් පෙළෙන්නන් සහ වයස්ගත පුද්ගලයින් කොවිඩ් මර්දන එන්නත් ලබාගැනීමෙන් ඔවුන්ගේ ප්‍රතිශක්තිය ඉහළ යන බවට එම නිසා කොවිඩ් වයිරසය වැළඳීමේ අවදානම අඩුවන බවද විශේෂඥ වෛද්‍යවරිය කීවාය.
ඇතැම් පිරිස් සමාජයේ පවතින දුර්මත හේතුවෙන් වයස්ගත පුද්ගලයින් කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනීමට යොමු නොකරන බවද එය ඉතා බරපතළ වරදක් බවද පැවසූ විශේෂඥ වෛද්‍යවරිය වයස්ගත පුද්ගලයින් සහ බෝනොවන රෝගවලට ගොදුරු වූවන් කොවිඩ් මර්දන එන්නත් ලබා නොගන්නේ නම් ඔවුන්ගේ මියයාමේ ප්‍රවණතාව ඉහළ යා හැකි බවට ද පැවසුවාය.