තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සහන මිලට දෙන කුළුබඩු සුපිරි වෙළෙඳසැලක් බත්තරමුල්ලේ

    සහන මිලට දෙන කුළුබඩු සුපිරි වෙළෙඳසැලක් බත්තරමුල්ලේ

    ජනතාවට සහන මිලට කුළුබඩු ලබාදීම වෙනුවෙන් පළමු වතාවරට මෙරට තුළ ‘කුළුබඩු මන්දිරය’ නමින් සුපිරි වෙළෙඳසලක් ආරම්භ කෙරේ.

    බත්තරමුල්ල, කඩුවෙල පාර, අංක 74 හි එය පිහිටා ඇති අතර ලබන 05 වැනි දා පෙරවරු 9 සිට එය විවෘත කෙරෙනු ඇත.

    අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, වෛද්‍ය රමේෂ් පතිරණ, අරුන්දික ප්‍රනාන්දු සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන කනනක හේරත්, ජානක වක්කුඹුර යන අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් මෙය විවෘත කෙරෙනු ඇත.

    ‘දේශයට අභිමානයක්, ආර්ථිකයට ශක්තියක්, නිරෝගී දිවියක්’ යන අරමුණ පෙරදැරි කරගෙන මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක ය.

    ඉදිරියේදී මෙවැනි කුළුබඩු සහන මිලට ලබාදෙන සුපිරි වෙළෙඳසැල් දීප ව්‍යාප්ත මට්ටමින් සිදුකිරීමට රජය අපේක්ෂා කරයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img