පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මුදල් සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වූ පෙත්සම් 7ක පිටපත් තමා වෙත ලැබී ඇතැයි කථානායකවරයා අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී නිවේදනය කළේය.
යෝජිත පනත් කෙටුම්පත සම්මත වීම තුළින් මුදල් විශුද්ධිකරණයට අවකාශ සැලසෙන බව, නීති විරෝධී ක්‍රියාවන්ට අවකාශ සැලසීමක් සිදුවන බව, එම පනත් කෙටුම්පත තුළින් පනත් ගණනාවක අන්තර්ගත වගන්ති අක්‍රිය වීමක් සිදුවන බව පෙත්සම්කාර පාර්ශවයන් විසින් එම පෙත්සම් මගින් චෝදනා කර තිබුණි.
සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මුදල් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීන්දුව පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව පසුගිය 29 වැනිදා නිවේදනය කළේය.
ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම පෙත්සම් විභාගය දෙදිනක් පුරා පැවැත්විණ.