තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රජයේ සේවකයන්ගේ අද පැමිණීම 80%යි

    රජයේ සේවකයන්ගේ අද පැමිණීම 80%යි

    අංජනා මල්ලවාරච්චි

    රාජ්‍ය සේවය සාමාන්‍ය කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුව අද සිට සියලුම රජයේ සේවකයින් සේවයට කැඳවා තිබූ අතර ඔවුන්ගේ පැමිණීම ප්‍රශස්ත මට්ටමක තිබූ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

    රාජ්‍ය ආයතනවල සේවකයන්ගේ අද පැමිණීම 80% කට වැඩි ප්‍රතිශතයක් වාර්තා කර තිබූ බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

    මේ අතර රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ කිසියම් රාජ්‍ය සේවකයෙකු සේවයට වාර්තා නොකරන්නේ නම් වූ නිවාඩු ලබා ගෙන ඇතැයි සලකා කටයුතු කරන බවය.

    එම නිලධාරියාගේ නිවාඩු නිමවීමෙන් පසුව තවදුරටත් ඔහු රාජකාරියට වාර්තා නොකරන්නේ නම් ඔහු සේවය හැරගියාසේ සලකන බව ද ජේ.ජේ. රත්නසිරි මහතා කීය.

    ආයතන සංග්‍රහයට අනුව කටයුතු කිරීමට රාජ්‍ය සේවකයින් බැඳී සිටින බැවින් අනිවාර්යෙන්ම රාජකාරියට පැමිණීම සේවයට වාර්තා කළ යුතු බවද රත්නසිරි මහතා කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img