තවත්
    මුල් පිටුවCOVIDරට පුරා ගුරු-අනධ්‍යයන අයට 83%ක් පළමු මාත්‍රාව දී අවසන්

    රට පුරා ගුරු-අනධ්‍යයන අයට 83%ක් පළමු මාත්‍රාව දී අවසන්

    පාසල් යළි ආරම්භ කිරීමේ මූලික පියවර ලෙස දීප ව්‍යාප්ත මට්ටමින් ගුරු විදුහල්පති හා අනධ්‍යයන කාර්ය මණ්ඩල වෙත කොවිඩ් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ රට පුරා 83%ක් පළමු එන්නත් ලබාදී අවසන් බව අධ්‍යාපන අමාත්‍ය ජීඑල් පීරිස් මහතා පවසයි.

    මේ වනවිට බස්නාහිර 98% ඌව 95% මධ්‍යම 84% වයඹ 84% උතුරු මැද පළාතේ් 83% දකුණු පළාතේ 83% උතුර 82% නැ‍ෙඟනහිර 74% සබරගමුව 52% ආදි වශයෙන් ගුරු විදුහල්පති හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට එන්නත්කරණය කර තිබෛන බව අමාත්‍යවරයා කීය.

    අ‍ගෝස්තු මාසය අවසානයේ එහි දෙවන මාත්‍රාව ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    “පාසල් යළි පටන් ගැනීම රටේ ප්‍රමුඛ අවශ්‍යතාවක්. එහිදී පාසල් පටන් ගන්නා පළමු පියවර ලෙස ගුරු විදුහල්පති හා අනධ්‍යයන කාර්ය මණ්ඩල වෙත කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළේ පළමු මාත්‍රාව ලබාදීම මේ වනවිට 83%ක් අවසන් කර තිබෙනවා. සියලු රාජ්‍ය නිලධාරීන් අද සිට සාමාන්‍ය පරිදි රාජකාරි කරන්න රජය නියෝග කර තිබෙනවා. ඉතින් මම අධ්‍යාපන ඇමතිවරයා ලෙස ආයාචනා කරනවා ගුරු භවතුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට පාසල්වලට ගිහින් පෙර සූදානම් වීමේ කටයුතු කරන්න කියා” යැයි අමාත්‍යවරයා අද පැවැති මාධ්‍ය හමුවකදී කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img