
අංජනා මල්ලවාරච්චි
ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවයට විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් ලබන බදාදා ප්‍රදේශ 4 ක සිට කොළඹට රථ පෙළපාලියකින් පැමිණීමට කටයුතු යොදා ඇතැයි ගුරු සංගම් නායකයෝ පවසති.
ඒ අනුව දෙහිවල, කඩවත, කොට්ටාව සහ මහබාගේ යන ප්‍රදේශවල සිට බදාදා පෙරවරු 10ට එම රථ පෙලපාලිය ආරම්භ කරන බව ද රථ පෙළපාලිය කොළඹ කොටුවට ළඟාවී ඉන් අනතුරුව ඒකාබද්ධව ජනාධිපති කාර්යාලය දක්වා ගමන් ගන්නා බව ද ගුරු සංගම් නියෝජිතයෝ පවසති.
එම රථ පෙළපාලිය සඳහා ගුරු සංගම් 30කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන අතර ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය එය සංවිධානය කරයි.