Home COVID හෙට සිට රාජකාරියට ගැබිනි- කිරි මව්වරු ගෙන්වන්න එපා යැයි ඉල්ලීමක්

හෙට සිට රාජකාරියට ගැබිනි- කිරි මව්වරු ගෙන්වන්න එපා යැයි ඉල්ලීමක්

හෙට සිට රාජකාරියට ගැබිනි- කිරි මව්වරු ගෙන්වන්න එපා යැයි ඉල්ලීමක්

අංජනා මල්ලවආරච්චි

රාජ්‍ය සේවකයින් සියලුදෙනාම හෙට සිට කාර්යාලවලට ගෙන්වීමේදී ගැබිනි මවුවරුන්ට සහ කිරිදෙන මව්වරුන්ට සහනයක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ කැදවුම්කරු ධම්මික මුණසිංහ මහතා පැවැසීය.

මේ දිනවල කොවිඩ් වෛරසය තදින් පැතිර යන හෙයින් ගර්භණී මාතාවන් සහ කිරි දෙන මව්වරුන් රජයේ කාර්‍යාලයට ගෙන්වීමෙන් ඔවුන්ගේ ජීවිත දැඩි තර්ජනයකට මුහුණ පාන බව ද එම නිසා ඔවුන් නිදහස් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ධම්මික මුණසිංහ මහතා කීය.

මීට පෙර ද ඔවුන්ගේ ඉල්ලීම් පිළිගෙන ගර්භනී කාන්තාවන් සහ කිරි දෙන මව්වරුන්ට වැටුප් සහිත නිවාඩු ලබා දුන් බවද මෙවරද එම ඉල්ලීම සිදු කරන බව ද ධම්මික මුණසිංහ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here