තවත්
    මුල් පිටුවදේශීය පුවත්ශ්‍රී ලංකාව තුළ ඛනිජතෙල් නිෂ්පාදන කටයුතු වේගවත් කිරීම සඳහා නව පනත් කෙටුම්පතක්

    ශ්‍රී ලංකාව තුළ ඛනිජතෙල් නිෂ්පාදන කටයුතු වේගවත් කිරීම සඳහා නව පනත් කෙටුම්පතක්

    ශ්‍රී ලංකාව තුළ ඛනිජතෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවීම, ඛනිජතෙල් කර්මාන්තය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම, නවීන ගවේෂණ, සංවර්ධන, නිෂ්පාදන සහ කළමනාකරණ පරිචයන් තුළින් දේශීය ඛනිජතෙල් සම්පත් වලින් උපරිම ආර්ථික වටිනාකමක් ලබාගැනීම යන අරමුණු ඇතිව ඛනිජතෙල් සම්පත් පනත් කෙටුම්පත 2021 ජූලි මස 27 වන දින ගැසට් මගින් ප්‍රසිද්ධියට පත් කර ඇත.

    1950 දශකයේ සිටම ලංකාවේ මුහුදු පතුලේ තෙල් හා ගෑස් නිධි ඇති බවට අනාවරණය වී තිබුණි. මේ වන විට මන්නාරම් ද්‍රෝණියේ පමණක් ඩොලර් බිලියන 240 ක වටිනාකමින් යුතු තෙල් හා ගෑස් සම්පත් පවතින බව තහවුරු වී ඇත. එහෙත් වසර 70කට ආසන්න කාලයක් ගතවුවද මේ මහා සම්පත ගොඩ ගැනීමට මෙතෙක් හැකියාවක් ලැබි නැත.

    මේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතාගේ දැඩි අවධානය යොමු විය. රට තුළ ඛනිජතෙල් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම සඳහා විදෙස් ආයෝජකයන් නොපැමිණීමට එක් ප්‍රධානතම හේතුවක් ලෙස හඳුනාගත හැකි වූයේ එවැනි ආයෝජකයන්ගේ ආයෝජන සුරක්ෂිත කරන නීතිමය රාමුවක් සහ ඛනිජ තෙල් කර්මාන්තය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීමයි.

    ඒ අනුව ඉහත ගැටළු සඳහා විසඳුම් ලබා දෙමින් ශ්‍රී ලංකාව තුළ ඛනිජතෙල් කර්මාන්තය ආරම්භ කිරීම සදහා ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම සහ දිරිමත් කිරීම මෙම ඛනිජතෙල් සම්පත් පනත හරහා සිදුවනු ඇත.

    2021 ජූලි 27 වන දා සිට අදාළ පනත් කෙටුම්පත මහජනතාවට අධ්‍යනය කළ හැකි අතර අගෝස්තු 17දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අගෝස්තු 18 වනදා බලශක්ති අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු උපදේෂණ කාරක සභාවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ. ඉන් අනතුරුව ඛනිජතෙල් සම්පත් පනත් කෙටුම්පත සැප්තැම්බර් මුල් මස තුළ පාර්ලිමේන්තුවේ දී සම්මත කරගැනීමට නියමිතය. එය සම්මත කර ගැනීමෙන් පසු ඛනිජතෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය අධිකාරියක් බවට පත් වන අතර ඛනිජතෙල් සම්පත් උපදේශක සභාව මෙන්ම ජාතික තෙල් සහ ගෑස් සමාගම ද බිහි වනු ඇත.

     

    මෙයට

    ඔබේ සේවයට කැපවූ

    අරවින්ද අතුකෝරල

    ගරු බලශක්ති අමාත්‍යතුමන්ගේ මාධ්‍ය ලේකම්

    සහන් රතනසේකර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img