තවත්
    මුල් පිටුවදේශීය පුවත්ඔලිම්පික් වාර්තා පොත අලුත් කළ යකඩ ගැහැණි ය ඉලෙයිනා තොම්සන්

    ඔලිම්පික් වාර්තා පොත අලුත් කළ යකඩ ගැහැණි ය ඉලෙයිනා තොම්සන්

    ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 100 කාන්තා අවසන් තරගය තත්පර නව ඔලිම්පික් වාර්තාවක් (තත්පර 10.61) බිහිකරමින් රන් පදක්කම දිනා ගැනීමට ජැමෙයිකාවේ ඉලෙයිනා තොම්සන් සමත් වූවාය.

    මූලික වටයේ තරගවල දී සමස්ත ප්‍රතිඵලයේ දෙවැනි තැනට පත්ව සිටි ජැමෙයිකාවේ ඉලෙයිනා තොම්සන් (තත්පර 10.82) මෙසේ සිය අවසන් තරගයේ දී තමන් තවමත් ලොව වේගවත්ම කාන්තාව බව තහවුරු කළාය.

    මෙම තරගය එදා මෙදා තුර ඉතිහාසයේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලක පැවති හොඳම කාන්තා මීටර් 100 අවසන් තරගය ලෙස සැළකෙයි.

    TOPSHOT – Jamaica’s Elaine Thompson-Herah celebrates with the flag of Jamaica after winning the women’s 100m final during the Tokyo 2020 Olympic Games at the Olympic Stadium in Tokyo on July 31, 2021. (Photo by Javier SORIANO / AFP)

    තියුණු තරගයකින් පසුව මෙම තරගයේ රන්, රිදී සහ ලෝකඩ පදක්කම් තුනම ජැමෙයිකානු ක්‍රීඩිකාවන් සතුවීම තවත් විශේෂත්වයකි.

    මීටර් 100 කාන්තා ඉසව්වේ රීදී පදක්කම දිනා ගැනීමට වසර 2008 බිජිං ඔලිම්පික් උලෙළේ දී හා 2012 ලන්ඩන් ඔලිම්පික් උලෙළේදී මීටර් 100 රන් පදක්කම දිනා සිටි ජැමෙයිකාවේ සුපිරි තරුව ෂෙලී ඇන් ෆ්‍රේසර් සමත් වූවාය.

    ඇය තත්පර 10.74 කින් තරගය නිමා කළ අතර ජැමෙයිකාවේ ෂෙරිකා ජැක්සන් 10.76 කාලයක් වාර්තාකරමින් ලෝකඩ පදක්කමට උරුමකම් කීවාය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img