තවත්
    මුල් පිටුවදේශීය පුවත්අපේ කොරෝනා මර්ධන එන්නත්කරණයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ පැසසුම්

    අපේ කොරෝනා මර්ධන එන්නත්කරණයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ පැසසුම්

    ශ්‍රී ලංකාව පසුගිය 29 වැනිදා කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා ලක්ෂ පහකට අධික සංඛ්‍යාවක් ලබාදීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සුබ පැතුම් එක්කර තිබේ.

    ඒ අනුව මෙරට සෞඛ්‍ය අංශ විසින් ජුලි 29 වැනිදා දිවයින පුරා එන්නත් මාත්‍රා ලක්ෂ පහකට අධික සංඛාවක් ජනතාවට ලබාදී තිබිණි.

    මේ සම්බන්ධයෙන් මෙරට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් එම සංවිධානය ශ්‍රී ලංකා රජයට සුබ පැතුම් එකක්රමින් එය ශ්‍රී ලංකාව ලබාගත් සුවිශේෂී සංදිස්ථානයක් බවද ප්‍රකාශ කර තිබිණි.

    මේ අතර අඛණ්ඩව දෙවන දිනයටත් ඊයේ (30) මෙරට තුල කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා ලක්ෂ පහකට අධික සංඛ්‍යාවක් ලබාදීමට හැකි වීමේ විශේෂත්වයකි.

    ශ්‍රී ලංකාව මේ වන විට සයිනොෆාම්, මොඩර්නා, ස්පුට්නික් වී, ෆයිසර් සහ ඇස්ට්‍රසෙනිකා එන්නත් භාවිතා කරනු ලබයි.

    මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල ආරක්ෂක අංශද සෘජු මැදිහත් වීමක් සිදුකරනු ලබන අතර පසුගිය කාලය පුරාම ආරක්ෂක අංශ වල මැදිහත්වීමෙන් විශේෂ එන්නත්කරන වැඩසටහන් රාශීයික ක්‍රියාත්මක කෙරිණි.

    මේ අතර ගෝලීය වශයෙන් කොරෝනා එන්නත් කරණය පිළිබඳ දත්ත රැස්කරන අවර් වර්ල්ඩ් වේ අඩිවිය පවසන ආකාරයට පසුගිය දින 7ක කාලය තුල රටේ සමස්ථ ජනහනය සමඟ සසදන විට වැඩිම වේගයකින් එන්නත්කරණය කළ රට බවට ශ්‍රීලංකාව බවට පත්ව තිබේ.

    චමරු අමාසර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img