Home දේශීය පුවත් සඳුදා සිට පොදු ප්‍රවාහන සේවා යථා තත්ත්වයට

සඳුදා සිට පොදු ප්‍රවාහන සේවා යථා තත්ත්වයට

සඳුදා සිට පොදු ප්‍රවාහන සේවා යථා තත්ත්වයට

රජයේ සේවකයන්ට බාධාවකින් තොරව සඳුදා සිට සේවයට වාර්ථා කිරීම සඳහා පොදු ප්‍රවාහන සේවා යථා පරිදි ක්‍රියාත්මක වනු ඇති බව රාජ්‍ය සේවා හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා නිකුත් කළ චක්‍රලේඛයක සඳහන් වේ.

සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු සියලුම රාජ්‍ය පරිපාලන ප්‍රධානීන්ට ඒ මහතා ඊයේ (30) දින නිකුත් කළ නිවේදනයේ මේ බවට විශ්වාසය පළ කර තිබේ.

අගෝස්තු 02 වැනිදා සිට රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම වෙනුවෙන් ජුලි 29 වැනිදා ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා නිකුත් කළ ලිපියට අනුව ජේ.ජේ රත්නසිරි මහතා මෙම චක්‍ර ලේඛයේ නිකුත් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කරනු ලබන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව රාජ්‍ය සේවය නැවත සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම වෙනුවෙන් නිකුත් කර තිබෙන මෙම චක්‍රලේඛයෙන් සීමිත කාර්යය මණ්ඩල චක්‍රීය පදනම මත කැඳවමින් සහ නිවෙස්වල සිට රාජකාරි සිදු කිරීමට අදාළව නිකුත් කර තිබූ සියලු චක්‍රලේඛ සහ විධිවිධාන අද (31) සිට අහෝසි කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here