
මෙම වසරේ ජනවාරි 01 වෙනිදා සිට අද දක්වා හෙරොයින් සහ අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 773 ක් සමග සැකකරුවන් 15000 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කරයි.
එම මත්ද්‍රව්‍ය වල වෙළස පොල වටිනාකම රුපියල් බිලියන 08 ක් පමණ වන බවද ඔහු කීය.
හෙරොයින් කිලෝ 473 ක් සහ අයිස් කිලෝ 300 ක් ඒ අතර වන බවද අජිත් රෝහණ මහතා පැවැසීය. හෙරොයින් සමග පුද්ගලයින් 12890 දෙනෙක්ද අයිස් සමග පුද්ගලයින් 1457 දෙනෙක්ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. ඊට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ප්‍රධාන පෙලේ ජාවාරම්කරුවන් 40 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන ඇතැයිද ඔහු කීය.
ඊට අමතරව මෙම වසරේ මේ වන විට ගංජා කිලෝ 3585 ක් සමග සැකකරුවන් 8509 දෙනෙක්ද අත්අඩංගුවට ගෙන ඇතැයිද අජිත් රෝහණ මහතා පැවැසීය. එම ගංජාවල වටිනාකම රුපියල් කෝටි 72 ක් පමණ වන වන බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.