
රත්නපුර රක්වානේ පතලකින්ද නිල් මැණික් පොකුරක් හමුවී ඇත.
එම නිල් මැණික් පොකුර කිලෝ 80 ක් පමණ බරැති බවත් එම මැණික් පොකුර ලබන නොවැම්බර් මාසයේදී චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශනයක වෙන්දේසිට ඉදිරිපත් කිරීමට එහි හිමිකරුවා විසින් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට මේ වන විට භාරදී තිබේ.
එහි හිමිකරු ලෙස සදහන් වන්නේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් මෙන්ම හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙක්ද වන අර්ල් ගුණසේකර මහතාය. ඔහු සදහන් කරන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 50 ක මිලක් වෙන්දේසියේදී තමා එම මැණික් පොකුරට අපේක්ෂා කරන බවය.