Home දේශීය පුවත් බණ්ඩාරගම මත්කුඩු තොගයත් කුඩු සලිඳුගේ බව හෙළිවේ

බණ්ඩාරගම මත්කුඩු තොගයත් කුඩු සලිඳුගේ බව හෙළිවේ

0
බණ්ඩාරගම මත්කුඩු තොගයත් කුඩු සලිඳුගේ බව  හෙළිවේ

බණ්ඩාරගම රේණුකානේ නිවසක සගවා තිබී ප්‍රවාහනයට සූදානම් වන අවස්ථාවේදී කළුතර දිසා අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අද අලුයම අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 40 ද කුඩු සලිඳු නැමැත්තාගේ මත්කුඩු ජාලයට සම්බන්ධ ඒවා බව හෙළිවී ඇත.

එම මත්කුඩු තොගය හමුවී ඇත්තේ යුද හමුදා පොලීසියේ සේවයේ නිරතව සිටින සෙබලෙකුගේ නිවසකිනි. ඉකුත් ජුනි 25 වෙනිදා හෝ ඒ ආසන්න දිනකදී එම හෙරොයින් තොගය එම සෙබලාගේ නැන්දණියගේ පුතා විසින් රැගෙන විත් එම නිවසේ සගවා තබා ඇතැයි ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිවී තිබේ.

අනතුරුව එම හෙරොයින් තොගය බෙදා හැරීම සදහා වෙනත් පුද්ගලයෙකුට ලබාදෙන ලෙසට සලිඳු නැමැත්තා විසින් එක්සත් එමීර් රාජ්‍යෙය් භාවිතා වන අංකයක් සහිත දුරකතනයකින් ඇමතුමක් දී ඇති බවත් ඒ අනුව ත්‍රී රෝද රථයකින් හම හොරොයින් තොගය හමුදා සාමාජිකයාගේ නැන්දණියගේ පුතා විසින් රැගෙන යාමට සූදානම් වූ අවස්ථාවේදී පොලිස් අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවත් අනාවරණය වී තිබේ.

කළුතර පොලීසියේ නිලධාරීයෙක් ද පසුගිය දා හෙරොයින් කිලෝ 52 ක් සමග අත්අඩංගුවට ගත් අතර එම හෙරොයින් තොගයද සලිඳුගේ බව හෙළිවී තිබුණි. එම වැටලීම කරනු ලැබුවේ පොලිස් මූලස්ථානයේ සංවිධානාත්මක අපරාධ මර්දන කොට්ඨාශයේ නිලධාරීන් විසිනි. එහිදී එම මත්ක්ඩු ජාලය සම්බන්ධයෙන් බොහෝ තොරතුරු හෙළිවී තිබුණු අතර පොලීසියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු සහ සලිදු අතර ඇති සම්බන්ධයක්ද අනාවරණය වී තිබුණි.

ඊට පෙර පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන බලකාය විසින් හෙරෙණදී කළ වැටලීමකින්ද හෙරොයින් තොගයක් වෑන් රථයකින් ප්‍රවාහණය කරමින් සිටියදී අත්අඩංගුවට ගත්තේය. එම හෙරොයින් තොගයද සලිඳුගේ බව හෙළිවිය. එම හෙරොයින් ප්‍රවාහනය කරමින් තිබුණු වෑන් රථය යුහ අංක කහඩුවක් සහිත හමුදා නිල ඇදුමින් සැරසුණු දෙදෙනෙක් විසින් ප්‍රවාහනය කර තිබුණි. එම පුද්ගලයින් දෙදෙනා හමුදා සේවයේ නිරතව සිටින්නන් අතර වෑන් රථය බ්‍රිෙග්ඩියර්වරයෙකුගේ සේවයට යොදනා තිබූවක් බවද අනාවරණය විය. බ්‍රිෙග්ඩියර්ට හොරා රියදුරු සහ සහයක විසින් එසේ මත්ක්ඩු ප්‍රවාහනය කර ඇති බව විමර්ශන වලින් හෙළිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here