
කළුතර දිසා අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව අද අළුයම බණ්ඩාරගම රේණුකාන ප්‍රදේශයේ කළ විශේෂ මෙහෙයුමකින් රුපියල් කෝටි හතළිහක් 40 ක් පමණ වටිනා හෙරොයින් කිලෝ 40ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
එක්සත් එමීර් රාජ්‍යයේ සිට ලැබුණු දුරකථන ඇමතුමකට අනුව අදාළ පුද්ගලයා හෙරොයින් තොගය එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.
ඒ අනුව පෙනී යන්නේ මෙම මත්කුඩු ජාවාරම ඩුබායි සිට මෙහෙයවන බව යයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදී භාර දී තිබේ.