තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මේ වසර අවසන් වනවිට ලක්ෂ 150කට කොවිඩ් එන්නත් දෙනවා- ලලිත් වීරතුංග

    මේ වසර අවසන් වනවිට ලක්ෂ 150කට කොවිඩ් එන්නත් දෙනවා- ලලිත් වීරතුංග

    මේ වසරේ දෙසැම්බර් 31 වන විට ශ්‍රී ලංකාවේ මිලියන 15 ක ජනතාවකට කොවිඩ් මර්දන එන්නත ලබා දෙන බව OVID එන්නත ප්‍රසම්පාදනය කිරීම පිළිබඳ ජනාධිපතිගේ ප්‍රධාන උපදේශක සහ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග පවසයි.

    වයස අවුරුදු 12 ත් 30 ත් අතර සියලුම ශ්‍රී ලාංකිකයින්ට මෙම එන්නත ලබා දීමට රජය සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළේය.

    මෙරට තුළ COVID-19 එන්නත මෙතෙක් ලබාගෙන නොමැති පුද්ගලයින්ගේ සංඛ්‍යාව සොයා බැලීම සඳහා පළාත් වශයෙන් සංගණනයක් පවත්වන බව ද හෙතෙම කියාසිටී.

    අළුතින් විවෘත කරන ලද ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ අද (29) පැවැති සමාරම්භක මාධ්‍ය හමුව අමතමින් වීරතුංග මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති COVID-19 මරණවලින් වැඩි ප්‍රමාණයක් එන්නත ලබා නොගත් හෝ එන්නතෙන් එක් මාත්‍රාවක් පමණක් ලබා ගත් අය බවයි.

    2021 අගෝස්තු 31 වන විට වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් මිලියන 11.5 කට එන්නත ලබා දීමට රජය අපේක්ෂා කරන අතර ඉන් පසුව තවත් මිලියන 04 ක් එන්නත ලබා දීමට නියමිතය.

    COVID-19 එන්නත ලබා ගැනීම අනිවාර්ය කිරීමට තීරණයකට එළඹෙන්නේද යන්න අනාගතයේ දී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් තීරණය වන බව ද මෙහිදී අවධාරණය කෙරිණ.

    මෙරට අවුරුදු 30ට වැඩි ජනගහනය 1149696 කි.

    මෙරට තුළ වෙසෙන මුළු ජනගහනය 21919000 ක් වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img