Home උණුසුම් පුවත් ‘පොලිෂ් රඹුක්කන’ ජිප් රථයට වෙච්ච දේ

‘පොලිෂ් රඹුක්කන’ ජිප් රථයට වෙච්ච දේ

‘පොලිෂ් රඹුක්කන’ ජිප් රථයට වෙච්ච දේ

ෆේස්බුක් ආදි සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල යළිත් වේගයෙන් සංසරණය වන POLISH RABUKKANA යනුවෙන්‌ සදහන්‌ කර ධාවනය වන නිල්‌ පැහැති ජීප්‌ රථය, දැනට මාස තුනකට පමණ පෙර වූ සිදුවීමක ඡායාරූපයක්‌ බව පොලිස් මූලස්ථානය නිවේදනය කර තිබේ.

එම නිවේද‍නයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා පොලිසියට නිකුත්‌ කර ඇති ටාටා සුමො වර්ගයේ නිල්‌ පැහැති ජීප්‌ රථයක දකුණු පස දොරේ POLISH RABUKKANA යනුවෙන්‌ සදහන්‌ කර පොලිස්‌ ජීප්‌ රථයක්‌ ලෙසට මහජනතාවට අවබෝධ වන පරිදි මීට මාස කිහිපයකට පෙර මාර්ගයේ ධාවනය කරමින්‌ තිබූ බවයි.

මෙම ජීප්‌ රථය රඹුක්කන පොලිස්‌ ස්ථානයට හෝ ශ්‍රී ලංකා පොලිසියට අයත්‌ ජීප්‌ රථයක්‌ නොවන බව පොලිස් මූලස්ථානය අවධාරණය කර තිබේ.

කෙසේවෙතත් වාරියපොල ප්‍රදේශයේ වාහන අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක්‌ පවත්වාගෙන යන පුද්ගලයකු විසින්‌ ඔහුට අයන්‌ ජීප්‌ රථයක්‌ මෙසේ මහජනතාව මුලා කිරීම සඳහා POLISH RABUKKANA යනුවෙන්‌ සදහන්‌ කර ධාවනය කරවා ඇත.

එම ජීප්‌ රථය සහ සැකකරු 2021.04.10 චන දින රඹුක්කන පොලිස්‌ ස්ථානයේ නිලධාරීන්‌ විසින්‌ වාරියපොල දී අත්‌අඩංගුවට ගෙන චාරියපොල පොලිස්‌ ස්ථානයට ඉදිරිපත්‌ කර තිබූ බව පොලීසිය කියයි.

ඒ අනුව වාරියපොල පොලිස්‌ ස්ථානය මගින්‌ සැකකරු 2021.04.11 වන දින වාරියපොල මහේස්ත්‍රාත්‌ අධිකරණය වෙත ඉදිරිපත්‌ කර රැඳවුම්‌ නියෝග ලබාගෙන විමර්ශන පවත්වා තිබේ.

2021.04.13 වන දින නැවත වාරියපොල මහේසත්‍රාත්‌ අධිකරණය වෙත ඉදිරිපත්‌ කිරීමෙන්‌ පසු සැකකරු ඇප මත මුදා හැර ඇත.

මෙම සැකකරු පිළිබඳ ඉදිරි විමර්ශන වාරියපොල පොලිසිය මගින්‌ සිදු කරගෙන යනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here