
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිරගතව සිටින හිටපු පාර්ලිමේන්කු මන්ත්රී, ප්රවීන කලාකරු රන්ජන් රාමනායක මහතාට ජනපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා මේ දිිනවල කලාකරුවන් හා විවිධ වෘත්තිකයන් රැසක් ඉල්ලීම් කරමින් තිබේ.
විවිධ දේශපාලන මත දරන කලා ශිල්පීන් හා සංවිධාන මේ අතර සිටිනු දැකගත හැකිය.
රන්ජන් රාමනායක මහතා සිරගතව සිටීමට පෙර දශක ගණනාවක් සිය ජීවිතය ගතකළේ මිනිසුන් හා සමීප කලාකරුවකු ලෙස ය. ඔහු ක්රියාකාරී දේශපාලනයට එන්නේ මෑතකදීය.
ජීවතයේ වැඩි කාලයක් තමා මිනිසුන් බොහොමයක් හා නිරන්තරයෙන් සමීපව හිදිමින් ගත කළ බැවින් බැවින් සිරගතව ගෙවන ජීවිතය තුළ මිනිසුන්ගෙන් ඈත්ව සිටීමට සිදුවීම තමාට දරාගැනීමට අසීරු කාර්යයක් බව රන්ජන් රාමනායක මහතා පවසා තිබේ.
ඔහු මේ බව සටහන් කරමින් ඉල්ලීමක් ද ඇතුළුව කලාකරුවකු ලෙස ඔහුගේ රසික ජනතාවට ලිපියක් ලියා එවා ඇතැයි පැවසෙන අතර එම ලිපිය ඔහුගේ නිල සමාජ ජාල ගිණුම මගින් මුදාහැර තිබේ.
එම ඉල්ලීම වන්නේ ඔහු වෙත ලියන ලෙසයි. ඔහු සිටින සිර කදවුරේ ලිපිනය සමඟ ද ඇතුළත් රන්ජන් රාමනායක ලියන ලදැයි කියන එම ලිපිය පහතින් දක්වා තිබේ.