Home උණුසුම් පුවත් අසැබි දේ කොහෙන් දැම්මත් අහුවෙන ගැජට් එකක් එයි

අසැබි දේ කොහෙන් දැම්මත් අහුවෙන ගැජට් එකක් එයි

0
අසැබි දේ කොහෙන් දැම්මත් අහුවෙන ගැජට් එකක් එයි

ළමුන් සම්බන්ධයෙන් අසභ්‍ය දර්ශන ඇතුලත් ඡායාරුප හෝ වීඩියෝ දුරකතන හෝ පරිගණක මගින් හෝ ටැබ් මගින් හෝ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය වෙත ඇතුළුකරයි නම් එම අවස්ථාවේදීම එම ඡායාරූප සහ වීඩියෝ සමග එය ඇතුලත් කළ උපාංගයේ සියළුම දත්ත ලැබීමේ මෘදුකාංගයක් ළමා හා කාන්තා අපයෝජන වැලැක්වීමේ කාර්යාංශය සතුව මේ වන විට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

එම මෘදුකාංගය මෙරටට ලැබී ඇත්තේද ෆේස් බුක් සමාගමෙන් බවත් ඉකුත් ජූනි 17 වෙනිදා සිට ඊයේ (28) දක්වා ගෙවී ගිය කාලය තුළ පමණක් එම මෘදුකාංගය මගින් ළමුන්ගේ අසභ්‍ය දර්ශන සහ වීඩියෝ ඇතුලත් කිරීම් 17629 ක් හදුනාගෙන ඇතැයිද අජිත් රෝහණ මහතා සදහන් කළේය.

“දැන් තාක්ෂණය දියුණුයි. අපිට පුළුවන් මේ ඡායාරූප හා වීඩියෝ අන්තර් ජාලයට එක්කරපු තැන හරියටම හදුනා ගන්න. ඒ නිසා අද සිට ළමා හා කාන්තා අපයෝජන වැලැක්වීමේ කාර්යාංශයේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් නිලධාරීන් ඒකාබද්ධව ළමුන්ගේ මේ අසභ්‍ය වීඩියෝ සහ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහරින ලද පුද්ගලයන්ව කොටුකර ගැනීමේ මෙහෙයුම් ආරම්භකරනවා.“ යැයි ද අජිත් රෝහණ මහතා සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here