Home උණුසුම් පුවත් ජාතික වැදගත්කමක් ඇති ආයෝජනවලට මුල්තැන දෙන්න තීරණයක්

ජාතික වැදගත්කමක් ඇති ආයෝජනවලට මුල්තැන දෙන්න තීරණයක්

0
ජාතික වැදගත්කමක් ඇති ආයෝජනවලට මුල්තැන දෙන්න තීරණයක්

ජාතික වශයෙන් ප්‍රමුඛතා ක්ෂේත්‍ර ­ලෙස අවධානය යොමු වී ඇති අංශයන්හි ආයෝජන අවස්ථා හඳුනා ගනිමින් ඒවා ප්‍රවර්ධනය කිරීම සඳහා විධිමත් ඒකාබද්ධ ක්‍රමවේදයක් සකස් කිරීමට මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

ඒ සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් අද (28) මුදල් අමාත්‍යාංශයේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

දැනට ආයෝජන අවස්ථා බහුල ව පවතින ධීවර සහ ඖෂධ ආදී ක්ෂේත්‍ර සේම ආයෝජන ආකර්ෂණය ලබා ගත හැකි විවිධ ක්ෂේත්‍ර කඩිනමින් හඳුනා ගැනීම සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීම ­­මෙම වැඩපිළිවෙළ යටතේ සිදු කෙරෙන බව මුදල් අමාතයාංශය සදහන් කරයි. එසේ හඳුනා ගැනෙන ක්ෂේත්‍රයන් පිළිබඳව දේශීය සහ විදේශීය ආයෝජකයන් දැනුවත් කිරීම සඳහා ක්‍රමවත් ප්‍රචාරණ යාන්ත්‍රණයක් සකස් කිරීම මෙමගින් අපේක්ෂිත ය.

ආයෝජකයන්ට වඩාත් කාර්යක්ෂමව සිය සේවාවන් ඉටු කර ගැනීම සඳහා අදාළ රාජ්‍ය ආයතන අතර අන්තර් සම්බන්ධීකරණ වැඩපිළි‍වෙළක් සකස් කරමින් ඔවුන් වෙත පහසුකම් සැපයීම පුළුල් කිරීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා වී තිබේ.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරු සහ ආයෝජන ක්ෂේත්‍රයට සම්බන්ධ නියෝජිත පිරිසක් සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here