Home උණුසුම් පුවත් ගම්මන්පිලට එරෙහි බ්‍රයන් ෂැඩික්ගේ නඩුවේ ඕස්ට්‍රේලියානුවන් 3කට සිතාසි

ගම්මන්පිලට එරෙහි බ්‍රයන් ෂැඩික්ගේ නඩුවේ ඕස්ට්‍රේලියානුවන් 3කට සිතාසි

ගම්මන්පිලට එරෙහි බ්‍රයන් ෂැඩික්ගේ නඩුවේ ඕස්ට්‍රේලියානුවන් 3කට සිතාසි

ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 20ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ල කරමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිදීම සඳහා ඔස්ට්‍රේලියානු ජාතිකයින් තුන් දෙනෙක් වෙත සිතාසි නිකුත්කරන ලෙස කොළඹ මහාධිකරණය අද (28) නියම කළේය.

නඩුව කැඳවූ අවස්ථාවේ දී රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වශයෙන් නම්කර ඇති ඔස්ට්‍රේලියානු ජාතිකයින් තුන් දෙනෙකුගේ සාක්ෂි සටහන් කරගැනීම අවශ්‍ය වී ඇති බවත් ඒ අනුව ඔවුන්ට අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස දන්වා සිතාසි නිකුත්කරන ලෙසත් ඉල්ලා සිට ඇත.

එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා මෙම නඩුව යළි සැප්තැම්බර් මස 30 වනදා කැඳවීමටත් සිතාසි නිකුත් කර කිරීමටත් කටයුතු කර ඇත.

1997 වසරේ ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකු වන බ්‍රයන් ෂැඩික් නැමැත්තාට අයත් සමාගමක කොටස් ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් උපයෝගී කරගෙන විකුණා රුපියල් මිලියන 20ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය ගම්මන්පිල මහතාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here